අනීෂා මානගේ
තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද(31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.
COMMENTS
මිනිස්සු පාරට යන්න ඕන නැහනේ මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1. දවසට එක වතාවක් සැම නිවසකටම ඩිලිවරි කරන්න අවසර දෙන්න කෑම බඩු තියෙන කඩවල් වලට 2.ෆාමසි ටික ඇරලා තියන්න ,පිස්සෙක් දෙකෙක් හිටියට එකේ සැහෙන්න අවශ්ය දෙයක් 3.සැම බැංකුවකම හවස 6 සිට රාත‍්‍රී 12 වෙනකන් ඇරලා තියන්න , බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි , පරතරය තියාගන්න පුළුවන් 4.දුප්පත් මිනිස්සුන්ට හමුදාව පොලිසිය මාර්ගයෙන් ආහාර ද්රව්ය ලබා දෙන්න 4.ඇඳිරි නිතිය මාසයක්ම දාන්න ,පැය කීපයකට මෙහෙම ලිහිල් කරාම. ඔක්කොම එකට පොදියට පොරකනවා
sam ගේ කතාව හරියටම හරි මේ විදිහට වෙන්න තිබුනානම් තමයි හොඳ...
sam ගේ කතාව හරියටම හරි මේ විදිහට වෙන්න තිබුනානම් තමයි හොඳ....
සෑම් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා , රජයේ රෝහල් වල බාහිර රෝගී අංශය පැය 24 පුරාම විවෘතව තබන්න , කෙනෙකු ලෙඩ වුනොත් ග්‍රාමසේවක මාර්ගයෙන් අධාල රෝහලට දන්වන්න කියන්න , ඉන්පසු රජයේ වහනයක් පැමිණ රෝගියා රෝහලට රැගෙන යන්න , බෙහෙත් ඉස්පිරිතලෙන්ම දෙන්න පුළුවන් , මේ විදිහට ඔක්කොම එකවර නගරයට ගියහම ඔක්කොම අවුල් කොරෝන පැතිරෙන්න පුළුවන් .