IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

 ( පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන  තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත .

කුරුණෑගල නීතිඥ සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය කුරුණෑගල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ පියුමාල් හේරත් මහතා විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරුවරයාට සහ ඒ යටතේ වන සෙසු අධිකරණ වල විනිසුරුවරුන්ට හා වයඹ පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයාටද ලිපි මඟින් අද දැනුම් දී ඇත . 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල  මහාධිකරණ සංකීර්ණය , මහේස්ත්‍රාත් අධිකරණ හා වයඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණය , පොල්ගහවෙල , රම්බඩගල්ල , පිලැස්ස , මහව , නිකවැරටිය , වාරියපොල , කුලියාපිටිය  යන මහේස්ත්‍රාත් අධිකරණ තාවකාලිකව වසා දැමීමට මැදිහත් වන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඊයේ (26) දිනයේ ඉල්ලීමක්ද කර තිබුණි .

තවද පොල්ගහවෙල , වාරියපොළ  ප්‍රදේශ මේ වන විට දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර අලව්ව , පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් බල ප්‍රදේශ වලින් හමුවූ රෝගය ආසාදනය වූ තැනැත්තන් හා ගැවසුණු පුද්ගලයන් නිසි පරිදි අනාවරණය කර ගන්නා තුරු මෙම අධිකරණද ඉහළ අවදානමක් පවතින අධිකරණ ලෙස පියුමාල් හේරත් මහතා එමගින් පෙන්වා දී ඇත.

මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට දිනයේ සිට මෙසේ තාවකාලිකව නඩු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව පියුමාල් හේරත් මහතා සඳහන් කළේය .

මෙසේ කඩු කටයුතු වලින් ඉවත් වීමෙන් පසුව ඉහත අධිකරණ වල ඇති තම නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තම නීතිඥවරුන් අමතා ලබා ගන්නා ලෙසද නීතිඥ පියුමාල් හේරත් මහතා මහජනතාව දන්වා සිටියි .
 



අදහස් (2)

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

de silva Monday, 27 April 2020 04:23 PM

හොඳ තීරණයක් දිනකට , අධිකරණයේ නඩු කටයුතු සදහා 500- 600 එකම ශාලාවක රැස්වෙනවා. නඩුවකට ගියොත් , මෙහිදී කොරෝන බෝවීම සීග්‍රයෙන් සිදුවෙන්න පුළුවන් , මිනිස්සුන්ට පල්ලි යන්න එපා කොරෝන බෝ වෙනවා... නමුත් උසාවි ගියාට කමක් නැහැ කියල කියන එක විහිළුවක්...

:       44       68

prjy60529@මිල්.com Tuesday, 28 April 2020 02:09 AM

පව් පල දෙන කාලය නිසා කරපු කියපු දේවල් මතක් වෙන්න ඇති. නැත්නම් වෛද්‍යවරු අපුරුවට වැඩ කරන්නේ.

:       0       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 49 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 345 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site