IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කුඩාවැල්ල ධිවරයෝ ඇඳිරි නීතිය ගණන් නොගනිති

චන්ද්‍රසේන ගමගේ

ලබන 30 දින පෙරවරු 06 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියද නොසලකා කුඩාවැල්ල ධීවර වරායට අද (28) දහවල් දක්වා ධීවරයෝ ද මත්ස්‍ය අළෙවිකරුවෝද ඒකවී සිටියහ.

කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් කුඩාවැල්ල ධීවර වරාය තුළ ධීවරයෝ හැසිරෙන්නට වූහ.

අද අලුයම 05 සිට වැල නොකැඩී ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි බවත් වසා තිබූ ප්‍රවේශ දොරටුව බලෙන් විවෘත කර ධීවරයෝ ධීවර වරාය පරිශ්‍රය තුලට කඩා පැන්න බවත් කුඩාවැල්ල ධීවර වරායේ ආරක්ෂක නිලධාරීහු පවසති.

තංගල්ල මූලස්ථාන පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් ධීවර වරාය පරිශ්‍රය තුළත් ඉන් පිටතත් සේවයේ යොදවා තිබුණද ඔවුන්ට සිය රාජකාරි කරගන යා නොහැකි වන සේ ධීවරයෝ ක්‍රියා කළහ.

තංගල්ල මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කුඩාවැල්ල ධීවර වරායට පැමිණ ඇති වී තිබෙන තත්වය පාලනය කිරීම සදහා උත්සාහ ගනු ලැබීය.

ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අත් හිටුවීමෙන් පමණක් ධීවරයින් පාලනය කිරීමට හැකිවෙනු ඇති බව ප්‍රශ්නයේ බරපතලකම අවබෝධ කර ගත් අය පැවසූහ.



අදහස් (6)

කුඩාවැල්ල ධිවරයෝ ඇඳිරි නීතිය ගණන් නොගනිති

sunil Saturday, 28 March 2020 08:41 AM

මහ අයගේ හැටියට පොඩි අය....

:       0       0

Amula Saturday, 28 March 2020 09:05 AM

රටේ ලෝකේ පැතිරෙන වසංගතය නිසා දාස් ගණන් මැරිලා ඒත් මේ අය මල්ල තර කරගන්න තමයි එතනත් පොරකන්නේ.

:       75       67

lalithmSaturday, 28 March 2020 10:33 AM

කරුණු දෙකක්. පළමුව නුගත් හෝ නොදැනුවත් කම දෙවනුව ආර්ථික හේතු. මොනවා වුනත් රටේ නීතියට පිටින් යන්න කාටවත් ඉඩ දිය යුතු නොවේ. පළමුව ඉන්දියානු පන්නයේ පන්නන ක්‍රමය තමා ලංකාවටත් හරියන්නේ.

:       0       0

de silva Saturday, 28 March 2020 10:10 AM

මුදු යන්න කියල පොඩි චාන්ස් එකක් දුන්නහම මොකක්ද මේ කරන පිස්සු විකාර වැඩ ?

:       0       2

Shane86 Saturday, 28 March 2020 11:46 AM

කාලකන්නි. මෙ අයට ටික දවසක් ඉවසල ඉන්න බැහැනෙ. යකෝ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. නූගත් හැත්ත යකෝ මෙ අයව කණට ගහලා ඇතුළට දාන්න ඔනේ. තේරුමක් නැහැ මේකේ භයානකකම...

:       19       1

Mahesh Saturday, 28 March 2020 11:47 AM

එළවළු වගේ මාලුත් විකුනන්න පුළුවන්නේ ඇදිරිනීතිය වුනත් ? මොකක්ද මේකේ තියෙන ගැටලුව ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වතු නිවාස පේළියක ගින්නක්
2025 ජනවාරි මස 18 16 0

මස්කෙළිය, මාවුස්සාකැලේ තේ වතුයායේ, 05 වන කොටසේ වතු කම්කරු නිවාස පේළියක ඊයේ (17) දා රාත්‍රී 11.45 ට පමණ හටගත් හදිසි ගින්නකින් නිවාස 08 ක් දැවී විනාශයට පත්ව ඇති බව


දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි
2025 ජනවාරි මස 18 114 0

දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්


පළාත් කිපයකට අද වැස්ස වැඩි වේ
2025 ජනවාරි මස 18 176 0

උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මස්කෙළියේ වතු පෙළක ගින්නක්
2025 ජනවාරි මස 18 114 0

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති
2025 ජනවාරි මස 18 888 0

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර


පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 17 714 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 330 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site