( තිළිණි ද සිල්වා )
කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයින් 800 කට ආසන්න පිරිසක් විසින් තමන්ව යළි දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් කටාර්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සංදේශයක් බාර දී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.
මෙලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇත්තේ සමස්ත සේවකයින් 9000 කින් යුතුව පවත්වා ගෙන යන කටාරයේ ප්‍රධාන ගමනාගමන ආයතනයක්වූ " මෝවාසලාට් ( කර්වා ) ට්‍රාන්ස්පෝට් කම්පැනි " හී සේවය කරන 800ක පමණ වන ලාංකික ශ්‍රමිකයින් පිරිසකි.
සාමාන්‍යයෙන් දිනකට කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 1000කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් , එම වයිරස් ව්‍යාප්තිය පැවතුණ ද එහි සිටින සේවකයින්ට සේවා ස්ථාන වලට යා යුතුව ඇති බව එම ලාංකික සේවක පිරිස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ලිපියෙන් දන්වා ඇත.
වයිරසය ආසාදනය වී සිය රැකියා ආයතනයේ බොහෝ පිරිසක් රෝහල් ගත වන සේම , නිරෝධායනයට යොමු කෙරුණද ඔවුන්ට සිදු වන්නේ කුමක්දැයි යන්න දැන ගැනීමට සහෝදර සේවකයින් ලෙස තමන්ට දැන ගැනීමට නොලැබෙන බවද එම ලාංකික සේවකයෝ කියා සිටිති.
මේ තත්ත්වය තුල තමන්ට ජීවිත අවදානමක් පවතින බැවින් , තමන් සියලු දෙනාම යළි දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු පාර්ශව වලින් කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලාංකික ශ්‍රමිකයින් තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිති.
මෙම තත්ත්වය පිළිබඳ එරට පිහිටි තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නද තවමත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔවුහූ කියා සිටිති.
එබැවින් එම ස්ථානයේ සියලු සේවකයින් සිටින්නේ ජීවිත අවධානමක බවත් එනිසා තමන්ව හැකි ඉක්මනින් මව් රටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම පිරිස පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද..? වැඩ කරන අය ගෙන්නගෙන නැහැ... සල්ලිකාරයන්ගේ රට ඉන්න දරුවෝ විතරයි ගෙන්න ගන්නේ... ඔන්නම් චන්දෙට ගේන්නම්...
අපෙත් අදහස සහ ඉල්ලීම ඉක්මනින් ගෙන්වා ගන්න කටයුතු කරන්නේ නම් මැනවි... පවතින අවස්තාවේ ලක් රජය අපහසු තාවයට පත් කරන්න අපි උත්සහ නොකරන්නෙමු , තානාපති කාරියාලයේ මිනිසුන් ඔවුන්ට පුළුවන් සියලු දේ කරනවා .සමහර අවස්ථා වලදී ඔවුන් ද අසරණයි .අපි දෝහා නගරයේ සිටිමු .එහෙත් කර්මාන්ත ප්‍රදේශවල අපේ සහොදරයෝ අසරණ වී තිබේ. අප පිලිබදව වරදවා නොසිතන්න. සමස්ත ලෝක වාසීන්ට සම්මා සම්බුදු සරණයි...!!!
මගේ මුලින් ප්‍රතිචාරයට මෙයත් එකතු කරන්න. කටාර් රජයේ සියලුම අංශ ඔවුන්ට හැකි හැම දෙයක්ම කරන වගත් කිය යුතුය. ස්තුතියි
දෙවියෝ කොරෝන වයිරසේ එවල තියෙන්නේ ගහක් කොලක් හිටවගෙන කල බිලා ගෙදරට වෙලා පාඩුවේ ඉන්න ගැත්තෝ මරන්න නොවෙයි, මිනිස්සුන් ගෙන් වහල් වැඩ අරගෙන මහපොළොවේ තිබෙන අපද්‍රව්‍ය ලෝකේ පුරා පතුරමින් කුමාර ජිවිත ගෙවන උන්ව නැති කරන්නයි. මල්ලිලා කොරෝන හැදුනාම නිකන්ම රට අත්හැරලා එන්න එපා කුවේට් ධන කුවෙරයන්වත් බැහැ දැකලම එන්න.
ගෙන්වා ගත් සිසුන් අතර මෙවන් අයගේ දරුවනුත් සිටින බව අමතක කරන්න එපා.
අපේ ආයතනයේ සේවකයින් 15ක් විතර සේවයෙන් ඉවත් කරලා මාස දෙකක් විතර ඇති. වැටුප් ගෙවන්නෙත් නැහැ. තානාපති කාර්යාලයට කතා කලත් සහනයක් නෑ අපිවත් අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
රට විරුවෝ චන්ද කාලේ විතරයි. දැන් නිකන් හාල් කෑලී.
මම නිතරම ප්‍රතිචාර දක්වන කටාර් වල සේවය කරණ කෙනෙක්. දෛනික වැඩිවන අසාදිත ගණන වැඩිවෙනවා. සමහර දවස් වල 1000ක් පනිනවා. නමුත් ඔවුන්ට වෙන්නේ මොකක්ද කියල කව්රුත් දන්නේ නැහැ. අරගෙන යනවා විතරයි. කර්මාන්ත අශ්‍රිතව සේවය කරන්නන් දැන් මාසයක් පමණ කාලයක් හුදකලා කරල තියෙන්නෙ. මුලින් ඔවුන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සපුරා දුන් නමුත් දැන් ඒ සියල්ල ඉවරයි. කරුණාකර මේ ගැන සොයා බලා නිසි පියවරක් ගන්න....