( පුෂ්පකුමාර ජයරත්න )
කටුපොත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව හා සමීපව සිටිමින් කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් 61 දෙනෙකු සම්බන්ධ තොරතුරු අද පෙරවරුව වනවිට අනාවරණය කරගෙන ඇති බව කුලියාපිටිය කොටිඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන සිටින කැකුණගොල්ල පදිංචි කාන්තාව පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් ඇති අතර ඇය එම අවස්ථාවෙිදි පැය තුනකට ආසන්න කාලයක් රෝහල් පරිශ්‍රය තුළ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි අනෙකුත් රෝගීන් හා සමීපව හිඳ ඇති බව අනාවරණය වී තිබෙි . එසේ සිටි රෝගීන් සංඛ්‍යාව 125 ක් පමණ බවද වාර්තා වේ .
මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව පොලීසිය මගින් කළ දැනුම් දීමකට අනුව පුද්ගලයන් 61 දෙනෙකු කටුපොත පොලීසියට පැමිණ තම තොරතුරු ලබා දීමෙන් පසුව ඔවුන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කටුපොත ආසාදිත කාන්තාව හා සමීපව සිටි 61 හඳුනා ගනී
ranasinghe Friday, 03 April 2020 05:40 AM
ඔහොම ගිහිල්ල මුළු රටම ස්වයං නිරෝධනය කරන්න වෙයි ද?
janahitha Friday, 03 April 2020 06:25 AM
ඉතාලියේ , වුහාන් වල එහෙම කරලා තියෙන්නේ බෙහෙතක් නැති නිසා
isurandi Friday, 03 April 2020 08:33 AM
කර්පිව් දාගෙන කරන්නෙත් එක්තරා නිරෝධයන ක්‍රියාවලියක් තමයි. මිනිස්සු ඒක තේරුම් නොගෙන වැඩ කලොත් අන්තිමට වෙන්නේ රටම නිරෝධායන ක්‍රියාවලියට යටත්ව නිවාස අඩස්සියට කොටුවිමයි...