IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි

තිස්ස කොටින්කඩුව

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින්  කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ විධායක අධ්‍යක්ෂක ඇමි.කේ.ඞී.ලෝරන්ස් මහතා පවසයි.

දැනට නිෂ්පාදන කටයුතු කරගෙන යන සියලූ කර්මාන්ත ශාලා කටුනායක සෞඛ්‍ය බලධරයන් විසින් විෂබීජහරණයට ලක්කර ඇති අතර සේවකයන් රාජකාරියේ යෙදවිමේදී සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව පුද්ගල දුරස්තභාවය අනුගමනය කමින් සියලූ සෞඛ්‍ය ආරක්ෂිත උපක‍්‍රම සහිතව සිදු කිරිමට කර්මාන්තශාලා පාලකයන්ට දැඩි කොන්දේසි පනවා ඇති බවද විධායක අධ්‍යක්ෂකවරයා පැවසීය.


මේ පිළිබදව කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ වෛද්‍ය නිලධාරි සුජිව කුමාරසිංහ මහතාගෙන් කළ විමසීෙමිදි ඒ මහතා පවසා සිටියේ කටුනායක නිදහස් වෙළෙද කළාපයේ නිෂ්පාදන කටයුතු ආරමිභකර ඇති කාර්මාන්තාශාලා සහ එහි සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව තම නිලධාරින් දැඩි විමසිල්ලෙන් සිටින අතර දැනට එහි අධික්ෂණ කටයුතු වල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ගෙන් ලැබි ඇති නිර්දේශ අනුව නිෂ්පාදන කටයුතු කරගෙන යන කර්මාන්තශාලාවල සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව සියලූ කටයුතු සිදුවෙමින් පවතින බවය.


දැැනට සේවයේ යෙදි සිටින පිරිසට ප‍්‍රවාහන පහසුකමි,නේවාසික පහසුකම්,වෛද්‍ය පහසුකමි,සහ ආහාරපාන පහසුකමි සියල්ල ඒ කර්මාන්තශාලා මගින් ලබාදී ඇති බවද ලෝරන්ස් මහතා පවසා සිටියේය.  
 



අදහස් (1)

කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි

lalithm Thursday, 23 April 2020 02:56 AM

අහන්න ආසා හිතෙන කතාවක්. මිනිස්සු වැඩ කරනවා කියන්නේ බඩගින්න බය පලවා හැරීම. එහෙත් සෞඛ්‍ය ආරක්ෂාව තාම වැදගත් මාතෘකාවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 70 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site