(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ , ලන්ඩන් නුවර , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරණ එම විශේෂ ගුවන් යානය අද(03) දින අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය ලන්ඩන් වෙත කිසිදු ගුවන් මගියෙකු රැගෙන නොගිය අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් එහි ගමන් ගනිමින් සිටිති .
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
මෙම ගුවන් යානය අද(03 ) දින දහවල් 11.25 ට පමණ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර , හෙට(04) දින අලුයම 12.45 ට මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
COMMENTS
අනේ අපොයි... සිසුන් කියන්නේ සල්ලි විදේශ රටවලට දීල ඉගෙනගෙන ඒ රටවල් වල පදිංචි වෙන්න හදන අය.
සල්ලි තියනවනම් මේ රටේ කරන්න බැරි දෙයක් නෑ.
එංගලන්තයෙ ඉගෙන ගන්නෙ මේ රට ඉදිරියට බාර ගන්න ඉන්න මිනිස්සු. බණ්ඩාරනායකගෙ ඉඳල කදිරගාමර් ජීඑල් පීරිස් වෙනකම් පාලකයො බිහි කරල දුන්නෙ එංගලන්තය. ඒ නිසා මේ දරුවො ආරක්ෂා කරගන්න එක රටේ වගකීමක්. භාණ්ඩාගාරෙ සල්ලි වියදම් උනත් කමක් නෑ.
මේ එන අය නිරෝධායනය වෙන්නේ තරු පහේ හෝටල් වල. බලන්නකෝ යන්නේ ඔලුවිල්ද? පාසිකුඩා ද කියලා...