IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉවසීම නැති කර ගන්න එපා යැයි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලයි

කොවිඩ් 19 වසංගතය උපරිම අවදානම් තත්ත්වයකට පැමිණ ඇති බැවින් රට අක්‍රිය කර තිබිම පිළිබඳ ඉවසීම නැති කර නොගන්නා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

වයිරසය ආසාදනය සුවවිමෙන් පසු පළමුවරට රජකාරි ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා⁣ මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇත.
 
හෙතෙම වැඩිදුරටත්  ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ දැනට පවතින අක්‍රීය  තත්ත්වය ඉක්මනින් ලිහිල් නොකරන බවය.
 
මේ අතර නවසිලන්තය තුළ කොරෝනා වෛරසය සමාජයීය වශයෙන් නතර කිරිමට හැකිවු බව එරට අග්‍රාමාත්‍යවරිය වන ජෙසින්ඩා ආර්ඩ්න් පවසයි.
 
දින කිහිපයක සිට එරටින් තනි සංඛ්‍යාවක ආසාදිතයන් පිරිසක් පමණක් වාර්තා වී තිබුණි.
 
මේ අතර ලොව පුරා ආසාදිතයිනගේ සංඛ්‍යාව තිස්ලක්ෂ 61, 970ක් වන අතර පුද්ගලයන් දෙලක්ෂ 11, 431 දෙනෙකු මියගොස් තිබේ.


(125)



අදහස් (1)

ඉවසීම නැති කර ගන්න එපා යැයි බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලයි

de silva Wednesday, 29 April 2020 05:33 AM

120000 කොරෝන හැදිලා 20000 මැරිලා හොඳ වෙලා තිබෙන්නේ 1000 අඩු ප්‍රමාණයක් , බලාගෙන ගියහම යුරෝපේ තිබෙන දුර්වලම සෞඛ්‍ය සේවයක් මෙ ගොල්ලන්ට තිබෙන්නේ..., ඒවා දැනගෙනත් මෙතුමා බොරුවට පණ්ඩිත කතා කියමින් කාලය ගත කලා යුරෝපයේ අනිකුත් රටවල ලොක් ඩවුන් කරාට , දවස් 10 කට විතර පස්සේ මේගොල්ල පාසල් රජයේ කාර්යාල වහල රට ලෝක ඩවුන් කලේ . එංගලන්තේ යුරෝපා සංගමයෙන් ඉවත් කරගන්න කන් මොහුට නින්ද ගියේ නැහැ.... මොහුට තිබුන ලොකුම ප්‍රශ්නය යුරෝපා සංගමයේ අනිකුත් සාමාජික රටවල් මිනිස්සු එංගලන්තේ ඇවිත් රස්සා කරන එක නවතන එක . කොරෝන ප්‍රශ්නෙදි යුරෝපා සංගමයේ අනිකුත් සාමාජික රටවල් එකිනෙකට උදවු කරගනිමින් . කොරෝන යම්කිසි මට්ටමකට පාලනය කරගනිමින් සිටිනවා . එංගලන්තේ අද අසරණ වෙලා. මේක හැමෝටම පාඩමක්, ජාතිවාදය බෙදුම්වාදය හොඳ නැහැ .

:       84       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site