IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉරණවිල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පුද්ගලයින් 4 ක් ඇතුල් කරයි

(එච්. චන්දන)

කිළිනොච්චි  - මුලන්කාවිල් නාවික හමුදා කඳවුරේ  නිරෝධායන මධ්‍යස්ථානයේ  සිටි පුද්ගලයින් 04 දෙනකු හලාවත - ඉරණවිල පිහිටි  කොවිඩ් 19  ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද (15) ඇතුළත් කළ බව ඉරණවිල කොවිඩ් 19  ප්‍රතිකාර ඒකකය සඳහන් කරයි.

ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියා සමඟ ඇසුරු කළ  බවට සැකකෙරෙන  මුලන්කාවිල් නාවික හමුදා කදවුරේ  නිරෝධායන මධ්‍යස්ථානයේ  නිරෝධායනයේ යෙදී සිටියදී මෙලෙස හදිසියේම  පුද්ගලයින් 04 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඉරණවිලට රැගෙන ගොස් තිබේ.

ජා ඇල ප්‍රදේශයේ පිරිසක් මෙසේ රැගෙන ආ බව ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු සඳහන් කළහ.

හලාවත - ඉරණවිල ඇමරිකන් හඩ භුමියේදී පිහිටි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය  තුල මේ වන විට රෝගීන 05 දෙනකු ප්‍රතිකාර ලබන අතර  මෙම නව රෝගීන 04 දෙනා සමඟ මේ වන විට කොවිඩ් 19  සෑදී මෙම ස්ථානයේ ප්‍රතිකාර ලබන සම්පුර්ණ රෝගීන් ගණන 09 ක් බව වෛද්‍යවරු පැවසූහ.

 



අදහස් (0)

ඉරණවිල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පුද්ගලයින් 4 ක් ඇතුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site