IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවයි

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන අද (29) පස්වරු 4.20 වනවිට 58,611ක් ලෙස දැක්විණි. ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද එරටිනි.
 
මරණ සංඛ්‍යාව 58,000 පසු කර යෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ ගණන, වියට්නාම යුද්ධයෙන් ජීවිත අහිමි වූ ඇමෙරිකානු වැසියන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.
 
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇති අතර ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් තුනෙන් එකක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. ඊයේ පස්වරු වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 10,19,170ක් විය.
 
නිවාසවල සිදුවන මරණ සහ රෝහල්වලට නොපැමිණෙන ආසාදිතයන් යනාදිය නිසි පරිදි වාර්තා නොවන නිසා කොරෝනා වයිරසයෙන් සිදු වූ සත්‍ය මරණ ගණන මෙන්ම ආසාදිතයන්ගේ සත්‍ය ගණන මීට වඩා වැඩි විය හැකි යැයි පැවසේ. පුහුණු සේවකයන්ගේ හිඟය සහ වෛද්‍ය සැපයුම් හා උපකරණවල හිඟය නිසා ප්‍රමාණවත් පරිදි කොවිඩ් පරීක්ෂණ සිදු කළ නොහැකි යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
 
කොරෝනා වයිරසය හේතුවෙන් අඟහරුවාදා, එනම් පෙරේදා (28) දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපයෙන් මරණ 2,200කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුලවරට කොරෝනා මරණයක් වාර්තා වූයේ පෙබරවාරි මස 29 වැනිදාය.

කොරෝනා වයිරසය හේතුවෙන් අගෝස්තු 4 වැනිදා වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ 74,000 කගේ පමණ ජීවිත අහිමි වනු ඇතැයි අනාවැකි පළ වී ඇත. කෙසේ නමුත් අප්‍රේල් 22 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අනාවැකියන් කියැවුණේ අගෝස්තු 4 වැනිදා වනවිට ඇමෙරිකාවේ 67,600කට ජීවිත අහිමි වනු ඇති බවය. එම අනාවැකි මොඩල දෙකම ඉදිරිපත් කර තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයයි. ධවල මන්දිරය ද ඔවුන්ගේ වාර්තා
 
 සඳහා වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පුරෝකථන යනාදිය භාවිත කරයි.
 
කොරෝනා වයිරසයෙන් දරුණුම බලපෑමක් එල්ල වූ රටවල් අතරින් ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. පුද්ගලයන් 10,000 කගෙන් ආසාදිතයන් කොපමණද යන්න මත රොයිටර්ස් පුවත් සේවය එම ශ්‍රේණිගත කිරීම කර ඇත. ඇමෙරිකාවේ පුද්ගලයන් 10,000කින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ 30 දෙනකුට පමණි. එම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන හිමිව ඇත්තේ ස්පාඤ්ඤයටයි. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 10,000කින් 48 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. එහි දෙවැනි තැන බෙල්ජියමටත්, තෙවැනි තැන ස්විට්සර්ලන්තයටත් සිවුවැනි තැනට ඉතාලියත් පත්ව ඇත.
 
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ ගණන වියට්නාම යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ මරණ සංඛ්‍යාව ද ඉක්මවා ඇත. කොරෝනා මරණ සංඛ්‍යාව 2017-2018 හැර මෑත වසරවලදී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා සහ උණ රෝගී (උණ හෙම්බිරිස්සාව) තත්ත්වයෙන් මියගිය පිරිසද ඉක්මවා ගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
2011-2012 කාලයේදී උණ හෙම්බිරිස්සාවෙන් ඇමෙරිකාවේ මියගිය ගණන 12,000ක් වන අතර 2017-2018 කාලයේදී 61,000ක් මියගොස් ඇත.

විශේෂයෙන්ම ශීත ඍතුවේදී වැළැඳෙන උණ හෙම්බිරිස්සාවෙන් 1967 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000 අධික පිරිසක් මියගොස් ඇත. 1918 වසරේ ලොවපුරා පැතිරුණු ස්පාඤ්ඤ උණ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 675,000 ජීවිත අහිමි වී ඇත.
 
රොයිටර්ස්
 
055 

 



අදහස් (0)

ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 139 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 985 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site