IMG-LOGO

ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි

ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (24) වාර්තා විය.

ඒ අනුව එම ගණන 34,700 ඉක්මවා ගොස් තිබිණි. තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

වයිරසයේ ව්‍යාප්තිය උච්ඡතම අවස්ථාවට පැමිණි කාලයේදී  ඇමෙරිකාවෙන් ඇතැම් දිනවලදී ආසාදිතයන් 36,400 ඉක්මවා වාර්තා විය.
පසුගිය සති කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සහ ආසාදිත මරණ ගණන්වල අඩුවක් දක්නට ලැබුණ ද පසුගිය දින කිහිපයේදී එම තත්ත්වය වෙනස් වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30කට අධික සංඛ්‍යාවක දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සහ ආසාදිත මරණ ගණන්වල ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ ආකාරයෙන් ආසාදිතයන් වාර්තා වීම නොසලකා හැරියහොත් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි පරිපාලකයන් සහ සෞඛ්‍ය විශේෂඥයන් , දේශපාලනඥයන්ට සහ මහජනතාවට අනතුරු අඟවා ඇත.


ද ගාඩියන්

055



අදහස් (1)

ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි

සේන Thursday, 25 June 2020 05:43 AM

නායකයාගේ සිටම සියලුම පුරවැසියන් දක්වා විනයක් අවශ්‍ය වග අවබෝධ වෙත්වා..!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site