IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි

(ඉන්දිකා රාමනායක)

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිවයින පුරා සැකකරුවන් 34,500 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මෙම කාලය තුළ වාහන 8800 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.

ඉකුත් මාර්තු මස 20 වැනි දින සිට මේ දක්වා මෙම  පිරිස අත්අඩංගුවට  ගෙන ඇත.

ගත වු පැය 24 කාලය තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 650 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 168 ක ප‍්‍රමාණයක් ද පොලිස් බාරයට ගත් බවද  ජාලිය සේනාරත්න මහතා  කියා සිටියේය.

මෙම සැකකරුවන් සම්බන්ධයේ   නෛතික කි‍්‍රයා මාර්ග ගැනීම සදහා ඉදිරියේ නීතිපති උපදෙස්  ලබා ගැනීමට බලා පොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (2)

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි

Gamatala Tuesday, 21 April 2020 12:50 PM

මොවුන් වෙනුවෙන් දරන වියදම් ඔවුන්ගේ අය කළ යුතුයි.

:       0       2

Aris Tuesday, 21 April 2020 04:00 PM

අපරාදේ ආණ්ඩුවේ චන්ද ටික.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site