IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇඳිරිනීතියේදී වෙනිවැල් ජාවාරමක්

(විනීතා එම් ගමගේ)
 
ඇදිරි නීතිය  පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තාවේ.

 
පවතින වසංගත තත්ත්වය හමුවේ වෙනිවැල් සදහා පවතින ඉල්ලූම ඉහල යාමත් සමග මෙසේ වෙනිවැල් කපා විකිණීමේ ජාවාරමක් සිදු වෙතැයි එම ප‍්‍රදේශවල වැසිියෝ පවසති.
 
නෙළුව ආසන්න ප‍්‍රදේශයන්හි මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුවන අතර  වාරුකන්දෙනිය, කොස්මුල්ල, කොලොන්තුඩුව වැනි සිංහරාජ වනාන්තරයේ ප‍්‍රදේශ ගණනාවක මෙම තත්ත්වය විශාල වශයෙන් දැකිය හැකි වන බව ද පැවැසේ.
 
ඇදිරි නීතිය පවතින අවස්ථාවේ වෙනිවැල් කපන අතර ඒවා ප‍්‍රවාහනය කරනු ලබන්නේ ඇදිරි නීතිය ඉවත් කරනු ලබන වේලාවන්හි වේ.
 
වෙනිවැල් අලෙවි කිරීමේ බලපත‍්‍ර නෙළුව ප‍්‍රදේශයේ කිහිපදෙනෙකුට ලබාදී ඇති අතර එම පුද්ගලයින්ට බලපත‍්‍ර ලැබී ඇත්තේ ගෙවතුවලින් කපන වෙනිවැල් අලෙවිකිරීම සදහාය.
 
මේ වනවිට එහි කිසිදු ගෙවත්තක වෙනිවැල් නැති නමුත් මෙම නියෝජිතයෝ අලෙවිය සදහා ප‍්‍රවාහනය කරන්නේ සිංහරාජයෙන් කපන වෙනිවැල් බවට ගම්වැසියෝ සැකකරති.
 
ඇදිරි නීති කාලයේ කිසිදු වන නිලධාරියෙකු වනයේ නොමැති නිසා මෙසේ ජාවාරම් කරුවෝ වනාන්තරයෙන් වෙනිවැල් කපන බවත් මෙම ජාවාරම පිළිබදව වහා සොයා බලන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ගම්වාසිහු කියති.
 

                                                                                     



අදහස් (1)

ඇඳිරිනීතියේදී වෙනිවැල් ජාවාරමක්

Dilan Wednesday, 25 March 2020 12:41 PM

කන්නෙලිය රක්ෂිතයේ සහ එහි පෝෂක වනාන්තර වලත් මෙම ව්‍යාපාරය ජයටම සිදුවෙනවා. අඩවි වන නිළධාරීන් මේ ගැන සොයාබලන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site