ඩී.ජී.සුගතපාල
රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය නිසා, දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත, සතිපතා රුපියල් 3000ක් වටිනා වියළි සළාක ලබා දිමට අද(6) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
මේ සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබනනේ සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල මගිනි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 19 තුල පිහිටි එවැනි විහාරස්ථාන සහ දස සිල් ආරාම සීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එවැනි දුෂ්කරතා සහිත විහාරස්ථාන අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටී.
COMMENTS
කලුතර බෝධියට ලැබිච්ච ආදායමෙන් මෙවට වෙන් කරන්නකෝ
අතිශයින්ම වැදගත් දෙයක්. පුලුවන් නම් සෑම ගමකම තිබෙන විහාරස්තාන වලට මේ ආකාරයට දානය පිලියල කර ගන්න ක්‍රමයක් හදන්න. අපේ මුදුන් මල්කඩ වන් බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන්, මේ කරන කටයුත්තෙන් ලැබෙන අප්‍රමාන පිනෙන් ඔබ සැමට ඉකමනින් සහ පහසුවෙන්ම නිවන් දකින්න මෙය මහෝපකාරීම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ පින් කටයුත්තක් විවේචනය කරල නිරයට පාර කපා ගන්නත් එපා කියල මේක විවේචනය කරන්න බලාගෙන ඉන්න කට්ටියගෙන් ඉල්ලීමක් කරනවා.
සතිපතා තුන් දාහක් අර ඇමතිතුමා කීවා වගේ 5 දෙනෙක් ඉන්න පවුලකට 2500 කරන්න බොන්න පුළුවන් කියලා... බන්දුල ගුණවර්ධන ඇමතිතුමා...
හොඳ ආරම්භයක්. කොරෝන නිසා මිනිස්සුත් අසරණයි මේ වෙලාවේ. ඒ හින්ද පන්සල් වලට හුඟක් අමාරුකම් ඇති. සමහර වෙලාවට කන්න නැති මිනිස්සුත් යන්නේ පන්සලට. අනිත් පලාත්වල දිස්ත්‍රික් ලේකම්වරුත් මේ විදිහට වැඩ කරනවා නම් කොයි තරම් හොඳද.