(ශාන්ත චන්ද්‍රසිරි)
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ අද (30) විරෝධතාවයක නිරතවූහ.
රටේ ඇතිව තිබෙන තත්ත්වය මත තමන්ට වැටුප් අත්තකාරම් මුදල්ද මෙසේ අඩුවෙන් ලබාදීම හේතුවෙන් විශාල දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පැවසූහ.
තලවකැලේ - ඩයගම මාර්ගය අසලට ආගරපතන ප්‍රදේශයේදී එක්රැස් වූ මෙම පිරිස මුඛ ආවරණයන් පවා භාවිතා නොකර විරෝධතාවයේ නිරතවී පසුව විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ප්‍රශ්න තිබෙනවා තමයි. එහෙත් මේ වෙලාවේ ඔවුන් පසුපස සිටින්නන්ට මරණීය දඬුවම් දුන්නත් මදි නේද?