අද රාත්‍රී 11.45 ට පමණ කොරෝනා ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇත.
පුද්ගලයින් 105 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර පුද්ගලයින් 7 දෙනකු මියගියහ.

COMMENTS
කෝ මේ සෞඛ්‍ය ඇමති? අත්පුඩි ගහල චන්දෙ දීල ආයෙත් යවපල්ලා... මේවගේ අයව රට පාලනය කරන්න.
වේගයෙන් වැඩි වෙනවා, රට වහන්න ඕනම වෙලාවේ රට ඇරලා. 90% අවබෝධයක් නැති මිනිස්සු හිතන් ඉන්නේ දැන් තත්වය පාලනය කරලා තියෙන්නේ කියලා. ජනතාවගේ පැත්තෙන් සාධාරණයි වැඩ කරන්න ඕන මුදල් හොයා ගන්න. මුඛ වාඩම ඇර, පරතර තබා ගැනීම, බස්වල පැටවීම සීමා කිරීම ප්‍රයෝගිකව වෙන දේවල් නෙවේ. ජනතාව පාලනය නීතියෙන් කලයුතු දේවල්. මොනවා හරි වෙලා සමාජයේ පැතිරුනොත් මේ වෙනකම් රජය ඇතුළු කාර්යමණ්ඩලය වැය කරපු මහන්සිය වතුරේ, මේ වෙනකම් ගෝඨා මහත්තයට තිබුණ ජනතා ප්‍රසාදයත් නැතුව යනු ඇත.
කොරෝනා නීති කඩකරන අයට දැඩි දඬුවම් සහ දඩමුදල් පැනවිය යුතුයි... මනුස්සයෝ එන්න එන්නම... කොරෝනාවත් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වීමට සහ නීතිකඩකරන්න පුරුදු වෙනවා.. ඒ නිසා එන්න එන්නම නීතිද තදවිය යුතුයි..