IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


අදියර 3 ක් යටතේ සරසවි විවෘත කෙරේ

 
(දිමුතු සඳරුවන්)
 
ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල විවෘත කිරීම අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) ප්‍රකාශ කළේය.
 
පළමු අදියර යටතේ මැයි මස 04 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලබන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සඳහා පමණක් බව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
 
සියලුම විශ්ව විද්‍යාල වල අවසන් වසර සිසුන් සඳහා මැයි මස 11 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලැබේ.
 
තුන්වන අදියර යටතේ මැයි මස 18 වැනිදා සියලුම විශ්ව විද්‍යාල සිසුන් සඳහා විශ්ව විද්‍යාල විවෘත කරන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 



අදහස් (11)

අදියර 3 ක් යටතේ සරසවි විවෘත කෙරේ

Ruwan Sunday, 12 April 2020 11:12 AM

ඉතා හොදයි.

:       93       63

Amula Sunday, 12 April 2020 12:54 PM

කවුද සිසුන්ගේ වගකීම භාරගන්නේ ?

:       31       75

දෙනෙත් Sunday, 12 April 2020 01:24 PM

ඉස්සෙල්ලා පොදු ප්‍රවාහන සේවා, රටේ ආර්ථිකයට දායකත්වය දක්වන ආයතන ටික ටිකෙන් ටික විවෘත කරලා ඉන්න.

:       0       132

කපුරුහාමි Sunday, 12 April 2020 02:03 PM

සරසවි අරින්න කලින් තව රටේ කොයිතරම් දේවල් තියෙනවද කරන්න. සමහර දේශපාලුවෝ බලන් ඉන්නේ පාර්ලිමේන්තුව අරිනකම්....සමහරු දත කට මැදගෙන බලන් ඉන්නේ චන්දෙ තියන්නෙ කවද්ද කියලා....

:       6       155

saliya Sunday, 12 April 2020 04:42 PM

කොරෝනා ලංකාවෙන් යන කාල වෙලාව කොහොමද දැන ගත්තේ ? සුමනදාස මහතා ගේ නැකතකටද මේ දින තීරණය වන්නේ ?.

:       6       23

sunanda Sunday, 12 April 2020 05:32 PM

මේ අමරතුංග කාරයාට කොරෝනා ඩබල් වෙලාද කොහෙද...? තවම ඇඳිරි නිතිය... කොරෝනා හැමතැනම... ලබන මාසේ කීයටවත් සරසවි විවෘත කරන්න බැහැ. මේවාගේ මොට්ට මොල්ලුනේ අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න උගත් දරුවන්ට මග පෙන්වන්නේ... ලැජ්ජයි.... මේ මනුස්සයාට තියෙන හොර උපාධි නැවත පරික්ෂා කරන්න ඕනා. මොකද මේ ලඟදි හොර ගණිත ආචාර්යයෙකුත් බිහිවුනානේ.

:       34       210

chandima Sunday, 12 April 2020 09:29 PM

අර රතු බෝඩ් කාරයෝ දැන් දත මැදගෙන ඇති කොල්ලෝ කෙල්ලෝ දනගස්වන්න? ඔන්න උන්වත් ඔය ගමන්ම අවුරුද්දකට දෙකකට නිරෝධායනයට යැව්වානම් කියලා වැඩක් නැහැ.

:       0       0

ranjith Monday, 13 April 2020 01:41 AM

පොල්පටවන පොදු ප්‍රවාහනයට තිත තියන්න මුලින්ම පවතින තත්වය හමුවේ දරුවන් යවන්න පුලුවන්ද? පොදු ප්‍රවාහනයේ ඊට අමතරව විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය සහ සියලුම දරුවන් රැපිඩ් ටෙස්ට් එකකින්වත් ටෙස්ට් කරන්න...

:       0       0

UniDon Monday, 13 April 2020 04:02 AM

ටිකිරි මොළ...

:       0       0

සිසිල් සුදේශ් Monday, 13 April 2020 04:04 AM

ජයවර්ධනපුර සිසුන්ට ට්‍රැක්ටර් ටයර් ගෙන ඒම මේ අවස්ථාවේ අපහසු විය හැකිය. ඒ නිසා අවශ්‍ය ටයර් බලධාරීන් විසින් සැපයීමට කටයුතු කළ යුතුයි.

:       0       0

ජිත් Tuesday, 14 April 2020 01:27 AM

තව ටික කාලයක් ඔහොමම ඉන්න දෙන්න තිබ්බේ.අනික මේ මෙච්චර ලොකු ව්‍යසනයක් තියෙද්දී බොරුවට පාරවල් වල උද්ඝෝෂණය කරනවාට වඩා වෙන දෙයක් නෑනේ මෙයාලට. Published Comment

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 227 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site