(චමිල් රූපසිංහ)
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයා සමඟ සෘජුවම සම්බන්ධකම් පැවැත්වු 16 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති ඒ . රාජපක්ෂ මහතා පැවැසිය.
මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රථිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයාද මේ වන විට නිරෝධනයට ලක් කර ඇති බවද ඔහු පැවැසිය.
මේ අතර මෙම පුද්ගලයා සමග ඉන්දියාවේ සිට පැමිණි අනිත් පුද්ගලයාද සොයමින් පවතින බවද මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති රාජපක්ෂ මහතා පැවැසිය.
සුදුහුම්පල,වැරල්ලගම,ගම්පල, වත්තේගම පෙදෙස් වල මෙම පුද්ගලයා ඇසුරු කල පුද්ගලයින් පිළිබදව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විසින් සොයමින් පවතින බවද ඔහු පැවැසිය.


COMMENTS
ආපු ගුවන්යානයේ සියලු දෙනාමත් පරික්ෂා කල යුතුයි...
පසුගිය කලේ ගුවන් මගින් පැමිණි සියලුදෙනාගේම දත්ත (ගුවන් යානයේ ආසන අංකය , නම ,ලිපිනය, දුරකථන අංකය ඊමල් ) යන සියලු විස්තර අඩංගු පත්‍රිකාවක් ආගමන විගමන අංශයට දෙන්න ඕනේ... මේ පත්‍රිකා ටික පිළිවෙලකට ආරක්ෂා සහිතව තිබුනොත් , ඔහු වටේ සිටිය පිරිස , ඉක්මනටත්, පහසුවෙනුත් දැනුවත් කර නිරෝධනයට යොමු කරන්න පුළුවන්...
ස්වයං නිරෝධායනය නෙමෙයි නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න. නැත්නම් ආපහු ගම පුරා ඇවිදියි...
කසුන් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. නිරෝධායන මධ්‍යස්ථානයකට දමන්න. එතකොට ඉදිරියට මිනිස්සු ඔය රට ඉඳල පැමිණ නිරෝධායන කඩකරන පුද්ගලයෙක් දැක්කොත් සතුටු සාමිචියේ යෙදෙන එකක් නැහැ . ගෙදරට එන්න ඉස්සරවෙලා දොර වහගෙන ආරක්ෂා වේවි.... !!!