සිතුම් චතුරංග
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම ,තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ද දින කිහිපයක් ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ.
ඉන්දුනීසියාවේ සංචාරය කර පැමිණි පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ගම්මානයේ අවමඟුලට සහභාගීවී ඇති අතර එම පුද්ගලයාට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එදින අවමගුලට සහභාගීවු මන්ත්‍රීවරයාද දින කිහිපයක් නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැණුම්දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.
අවමංගල්‍ය උත්සවය පැවති තාරාපුරම් ගම්මානය මේ වන විට හුදකලා කර ඇති අතර එම අවමංගල්‍ය සඳහා සහභාගී වුවන් හදුනාගනිමින් ඔවුන් ස්වයං නිරෝධායනය වන ලෙස ආරක්ෂක අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැණුම්දී තිබේ.
වවුනියාව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ දැණුම්දීම පිළිගනිමින් තමන් වවුනියාව සුසෙයිපිල්ලයාර් හි නිවස තුල දින කිහිපයක් ස්වයං නිරෝධායනයට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා පවසා සිටියේ පසුගිය 18 වැනිදා තාරාපුරම් හි අවමඟුල් උත්සවයකට තම සොහොයුරා සමඟ සහභාගීවූ බවත් එහිදී පුත්තලම සිට පැමිණි අයකු එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවී සිටින බව තමන් දුටු බවත්ය.
අවමංගල්‍යට සහභාගීවු එම පුද්ගලයා හට වයිරසය ආසාදනයවී ඇති බවට ඉකුත්දා(07) අනාවරණ යවීමෙන් අනතුරුව අවමංගල්‍ය අවස්ථාව සඳහා සහභාගී වූවකු ලෙස තමන් ස්වයං නිරෝධායනය වන බවද කීය.
අවමංගල්‍ය දිනයට සහභාගීව දින 21 කාලයක් ගතවුවද වයිරසය ආසාදිතවූ පුද්ගලයා දින කිහිපයකට පෙර හදුනාගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය ස්වයං නිරෝධායනය වන බවත් තමන් සමඟ අවමංගල්‍ය අවස්ථාවට සහභාගීවු සොහොයුරා සහ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටපු මන්ත්‍රී කාදර් මස්තාන්ට ස්වයං නිරෝධනය වෙන්නැයි කියයි