IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සබරගමුව පළාත් සභාවේ දිනක වැටුප කපන්න තීරණයක්

පුෂ්පකුමාර මල්ලවආරච්චි 


කොරෝනා අරමුදලට දායක වීම සඳහා සබරගමුව පළාත් සභාව යටතේ පවත්නා සියලු නිලධාරීන්ගේ ජූනි මස වැටුපෙන් දිනක වැටුප අයකර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ගිණුමට බැර කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඩී එම් මාලනී මහත්මිය සියලු ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත .

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් සභාව කෙරෝනා අරමුදලට දායක වීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව සේවක දිනක වැටුප අයකර ගැනීමේන් පසු පියවා ගැනීමට යටත්ව පළාත් සමාජ සේවා අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් කොරෝනා අරමුදලට ගෙවීමට පියවර ගෙන ඇතැයි ද  ප්‍රධාන ලේකම්වරිය ආණ්ඩුකාර ලේකම්  ,සභා ලේකම් , පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව , අමාත්‍යාංශ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානින් වෙත දැනුම් දී තිබේ.

ඒ  ඒ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන් යටතේ සිටින නිලධාරීන් හා සේවකයින් වෙත මෙම ලිපියේ පිටපත් සහිතව දිනක වැටුප අයකර ගැනීම්  සම්බන්ධයෙන් දැනුම්දීමක් කර තිබේ.

මෙම දැනුම් දීම ලද සේවකයින් හා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙසේ දිනක වැටුප අයකර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ගේ කැමැත්ත විමසා නැති බවයි.
 



අදහස් (19)

සබරගමුව පළාත් සභාවේ දිනක වැටුප කපන්න තීරණයක්

නන්නාදුනන හාදයා Tuesday, 12 May 2020 07:18 AM

උගත්, බුද්ධිමත්, නිලධාරී මහත්ම මහත්මීන්ටයි. මේ අසාධාරණයට පිළිතුර ඇත්තේ ඔබේ " වටිනා චන්දයෙයි " නූගත් හොර රැළ පැන්නීම සඳහා උදාවන පළමු අවස්ථාවම යොදාගන්න.

:       99       453

Deepal Nirosh Tuesday, 12 May 2020 07:36 AM

පී.බී., බන්දුල ඇතුළු හැමෝම කිව්වෙ රජය කළේ ඉල්ලීමක් පමණයි කියලා. දිනක වැටුපින් නැවතුණු ඒක ලොකු දෙයක්. අර කිව්වා වගේ හොඳ හොඳ සෙල්ලම් ඒළිවෙන ජාමෙට බලන්න පුළුවන්.

:       0       147

සජිත් Tuesday, 12 May 2020 07:37 AM

සිංහලයෝ වගේ කුහක ජාතියක්. තමන්ගේ රටේ මිනිස්සු නැති බංගස්තාන වෙලා ඉද්දි දවසක පඩියක් ඒ මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් කැප කරනවට හෙන ගහනවද? ඕකට අකමැත්තක් විරෝධතාවයක් දක්වන්න ඕනද ?

:       676       46

karuTuesday, 12 May 2020 09:04 AM

ඔබ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම විනාශ කරන්න එවපු කෙනෙක් බව තේරුනේ නැතිද...? ආධාර දෙන එක එකදෙයක්... බලෙන් කපාගැනීම තවදෙයක්... එ් බවවත් වටහාගන්න බැරි ගෝත්‍රිකයින් තවමත් මේ රටේ සිටින බවට හොඳම උදාහරණයකි ඔබ..

:       0       0

ශ්‍රීලංකා 1000000000Tuesday, 12 May 2020 09:23 AM

ඔබ ඇත්ත සජිත්ද? කවුද? කියා අපිට ඔබේ ip ඇඩ්‍රස් එකෙන් හොයාගන්න පුළුවනි. ටිකක් ප්‍රවේශම් වන්න.

:       0       0

samanthaTuesday, 12 May 2020 09:25 AM

මොලේ කොලොප්පම් වෙලා නම්, අංගොඩ ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් ගන්න. හැබැයි එහෙන් බෙහෙත් නොගෙන ලෙඩේ වැඩිවුනොත් පාරේ යන මිනිස්සුන්ගෙන් තමයි ඔබට බෙහෙත් ලැබෙන්නේ...

:       0       0

සෑම් Tuesday, 12 May 2020 07:38 AM

මේ තක්කඩි. මේක අහස පොළොව නුහුලන අපරාධයක්. සේවකයන්ගේ කැමැත්ත නොවිමසා පසුව වැටුපෙන් කපා ගැනීමට වෙනත් අරමුදල් වලට සල්ලි යැවීම. මේක බලහත්කාරකමක්. වහාම අධිකරණ ක්‍රියා මාර්ග ගන්න. මේ යෝජනා ගේන අයගේ පිටරට දේපළ බැංකු ගිණුම් වල සල්ලි උතුරනවා. මුන් හිඟා නොකා හිඟා කන රජයේ සේවකයාගේ සොච්චමට විදිනවා. මහ එවුන්ට හෙනම ගහපන්!

:       74       302

ranjith Tuesday, 12 May 2020 07:47 AM

සේවකයන්ගෙන් නොවිමසා වැටුප් කැපීම සුදුසු වැඩක්ද?

:       42       158

rsna Tuesday, 12 May 2020 08:24 AM

චන්දය දුන්න රජයේ සේවකිනි. "දැන් සනිපදෝ " සැබෑ කැත වැඩක්.

:       1       134

siri Tuesday, 12 May 2020 08:47 AM

ජනතාව හැකි පමණින් රටගොඩ ගැනීමට උපකාර කළ යුතුයි.., පාලකයින්ද පම්පෝරි නවතා... යථාර්තයට මුහුණ දිය යුතුයි.. අපට 225ක පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. (වැඩකරන 100ක් හොඳටම ඇති), පළාත් සභා අවශ්‍ය නැතිබව හොදින් පෙනී යයි. ඇමතිවරු ගණන තවත් අඩුකරන්න. වාහන ආනයනය වසර 2කට නවත්වන්න. පුළුවන් සියලු දෙනා තම ගෙවත්තේ කුඩාවට හෝ වගාවක් කරන්න. පුහු මාන්නය වසර 2 - 3 කට අමතක කරන්න. හැකි සැම අවස්ථාවකම තම කෑම වේල ගෙදරින් හදාගන්න. එවිට අපට ඩොලර් නැව් එනකන් බලා සිටීමට අවශ්‍ය නැත. අප පාලකයින් (UNP, SLFP, SLPP හෝ JVP ) රට හදනකන් බලන් සිටීමෙන් කිසිදු පලක් නැත. තමාට කළහැකි දෙය කරන්න. කුමන හෝ බලයට පත්වන රජය මින් ඉදිරියට වරායක්, ගුවන්තොටුපළක්, ගම්පෙරලියක් හෝ වෙනත් අත්‍යාවශ්‍ය නොවන ඉදිකිරීමකදී උගත් පාඩම් අනුව කටයුතු කරන්න. අපට වැරදි හමාර බව සිතට ගන්න. දේශපාලකයින් මෙන්ම ජනතාවද වරද්දාගෙන හමාරබව හොඳින් පේනවා.

:       0       0

රවින් Tuesday, 12 May 2020 08:47 AM

හෑ..!! ඊට නරකද ඔය පාට, පක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් ටික පහුගිය වකවානු කීපයේම හොරකම් කරපු සල්ලි ටික මෙම අවදානම් අවස්ථාවේදී නැවත අත්පත් කරගැනීමට කටයුතු කළොත්. දුප්පත් සේවකයින්ගේ මාසික පඩියට බැල්ම හෙලනවාට වඩා... ඔය පොදු ජනයාගේ මුදල් අවංකවම පරිත්‍යාග කළත් දේශපාලුවන්ගේ උකුසු ඇස් තියෙන්නේ අරමුදලින් කීයක් තම සාක්කුවට දමාගන්න හැකි දැයි මිස නැවත පොදුජන යහපත මිස යොදවන්නට නොවේ. දැනට මැරුණු හා ආසාදිත වුනු අයවලුන්ගෙන් කීදෙනෙක් ඔය කාලකන්නි දේශපාලු කියන කොටසට අයත්ද?

:       0       0

නන්නාදුනන හාදයා Tuesday, 12 May 2020 09:08 AM

සජිත් ප්‍රේමදාසට මෙතැනදී ලොකු කාර්ය භාරයක් තියෙනවා. එතුමාට අවංකවම ජාතියට ප්‍රකාශ කරන්න පුළුවනි. එයාගේ රජයක් බලයට පත්වුනොත් මේ අසාධාරණ ලෙස කපාගත් මුදල් නැවත රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බවට...

:       0       0

rajiva Tuesday, 12 May 2020 09:19 AM

ආණ්ඩුව ඉල්ලලා කා ගත්තා...!!!

:       0       0

siri Tuesday, 12 May 2020 09:26 AM

මැද මුලනෙන් ඉල්ලා ගනිල්ලා...

:       0       0

Prasad Tuesday, 12 May 2020 11:13 AM

රජයේ සේවකයිනි නුඹලාට හොඳ වැඩක්.... තවත් දෙන්න.

:       0       0

Krishan Senarath Tuesday, 12 May 2020 11:15 AM

ආණ්ඩුකාරවරයා හා පළාතේ ප්‍රධාන ලේකම්වරියට ඕන විදිහට දිනෙක වැටුප කපලා එවන්න කියලා නියෝග දෙන්න බැහැ. ප්‍රධාන ලේකම්වරිය මාලනි යනු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කෙනෙක්... එයා දන්නේ නැද්ද වැටුප ගැන නීති කිසිවක්... වැටුප හිමි පුද්ගලයාගේ ස්වකැමැත්ත නොමැතිව වැටුපෙන් අඩුම රුපියලක්වත් කපන්න බැහැ.. එහෙම කපන්න කියලා එයාට බැහැ නියෝග දෙන්න. ඔය ප්‍රධාන ලේකම්වරිය නියෝග දුන්නා කියලා එ්වා ක්‍රියාත්මක නොකර ඉන්න ගණකාධිකාරිවරුන්ට බලය තියෙනවා. ඔවුන්ට වැටුප් හිමියාගේ කැමැත්ත තිබෙන ලිපිය හෝ කණ්ඩායමක ලිපියක් අත්සන් සහිතව නැත්නම් ඒ කියන ආකාරයෙන් වැටුපෙන් නැත්නම් අඩුනොකර සිටිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ සේවකයන්ගෙන් මුදල් ඉල්ලන්න එපා කියලා තිබුණා... පීබී ජයසුන්දර ඉල්ලුවේ වැන්දඹු අනත් දරු යෝජනා ක්‍රමයට... එ්ත් පළාත් ප්‍රධාන ලේකම්වරිය එකතු කරන්නේ කෝවිඩ්19 එකට සබරගමුවේ අය ලිපිදෙන්න ආයතන ප්‍රධානියා හරහා ගණකාධිකාරිවරුන්ට කිසිම ආකාරයක දෙයකට ස්වකැමැත්ත නොමැතිව කපන්න එපා කියලා... එවිට හරි..

:       0       0

ravi Tuesday, 12 May 2020 01:03 PM

මරාගෙන මැරෙනවා....!!!

:       0       0

ආරියපාල Wednesday, 13 May 2020 01:06 AM

ඔව් ඉතින් හැට පැනලත් තවත් සේවයේ ඉන්න දුන්නාට කළගුන සලකන්නත් එපායැ. ලොක්කො තමාගෙ තැන රැකගන්න පොඩ්ඩන්ට තලනවා නොදකින ජයසුන්දරගේ ලිපියට එය ඉල්ලීමක් පමණයි කියපු අය මොකද කියන්නෙ..?

:       0       28

මුතු Wednesday, 13 May 2020 01:48 AM

මැඩම්ට නම් මොකද? එතුමියට පෙන්ෂන් පඩියයි. ප්‍රධාන ලේකම් පඩියයි දීමනා ගොඩකුයි. තේවත්තේ ආදායමයි ලැබෙනවා. අපිට තියෙන්නේ ඔය සොච්චම් වැටුප විතරයි. ඒකටත් කෙලියානේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 9 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 171 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1527 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 440 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site