IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මිල ප්‍රදර්ශනය නොකරන ජංගම අලෙවි රථ සොයා මෙහෙයුම්

( තිලකරත්න දිසානායක.) 

අධික ලෙස ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ජංගම රථ මගින් වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට, පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මෙහෙයුම් අරඹා ඇත.

මෙම දිනවල ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම මත ජංගම රථ මගින් එළවළු , පළතුරු , මස් , මාථ, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සිදු කිරීමේදී අධික මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට ලැබී ඇති ජනතා පැමිණිලි අනුව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ. 

ගම්පහ දිස්ත්‍රික්කය තුල නගර සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි අතුරු මාර්ගවල ගමන් ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත් අවසර මත ජංගම රථ මගින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී ඇතැම් වෙළඳුන් පාරිභෝගික ජනතාව ගසා කෑමට ලක්කරමින්  අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් සිටින බවක් පෙනී  යන්නේ යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය. 

මෙම බොහෝ වෙළඳුන් වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙතින් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග මිලට රැගෙනවිත් සිල්ලරට අලෙවි කිරීමේදී අධික ලෙස ලාභ ලැබීම පරමාර්ථයෙන් කටයුතු කිරීම කෙසේද යත් , වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙතින් මේ දිනවලදී රුපියල් 30 - 35 වැනි මිලට අලෙවි කරනු ලබන තක්කාලි කිලෝවක් ගම්පහ ප්‍රදේශයට රැගෙන විත් කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලට අලෙවි කිරීම සිදුවන බව පෙනී ගොස් ඇති බව විමර්ශන අංශ ප්‍රධානී වරයා කීය. 

පාරිභෝගික ජනතාව ගසා කෑමේ මෙම තත්ත්වය මර්ධනය කිරීම පිණිස වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙහි විශේෂයෙන්ම දෛනිකව එළවළු මිල ගණන් මාධ්‍ය මගින් දැනගැනීමට සලස්වමින්,  ජංගම අලෙවි රථ සහ වෙළඳසල්වල මිල ප්‍රදර්ශනය කිරීමේ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.  



අදහස් (7)

මිල ප්‍රදර්ශනය නොකරන ජංගම අලෙවි රථ සොයා මෙහෙයුම්

Ranjan Thursday, 23 April 2020 06:16 AM

මේ පිළිවෙල මේ නීතිය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කළ යුතුයි... ඒ වගේම වරින්වර සොයා බැලිය යුතුයි. නැතිනම් දින කීපයකට පසු ප්‍රදර්ශන නැතුව තමන්ට කැමති කැමති මිලගණන් වලට අඩුවීමට පටන් ගනු ලැබේ ...

:       6       15

de silva Thursday, 23 April 2020 06:59 AM

අදද දන්නේ ? 80% එලවලු විකුණන ජංගම රථවල මිල ප්‍රදර්ශනයක් සිදු වෙන්නේ නැහැ ...

:       0       4

Prase Thursday, 23 April 2020 07:10 AM

හොද වැඩක් ...

:       0       1

Nihal Thursday, 23 April 2020 08:32 AM

චුන් පාන් වලින් ගසා කෑම පැමිණිලි කරන්න කරුණකර ෆෝන් අංකයක් පල කරන්න. ,ඊයේ රුපියල් 60 ක් දීලා ගත්තු පාන් ගෙඩියේ බර ග්‍රෑම් 280,නියමිත බර 450ක් ,ග්‍රෑම් 170ක් ම අඩුයි.

:       0       44

Nihal Thursday, 23 April 2020 08:38 AM

1977 අංකයකට කතා කළා. එතනින් කියනවා බේකරි හිමියන්ගේ සංගමයට කතා කරන්නලු. ඒක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක්.

:       0       19

Prageeth Thursday, 23 April 2020 09:06 AM

කොහෙද මේ ගාණටවත් දෙන්න එළවලු තියෙන්නේ?

:       0       1

විපරමා Thursday, 23 April 2020 11:01 AM

කළදුටු කළ වල ඉහ ගන්ඩ හදනවා. කාලකන්නි වෙළෙන්දෝ.....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 389 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 92 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 60 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 603 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 647 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1091 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site