IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි

 

නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගියේය. 
 
ගල්ෆ් අරාබි කළාපයට අයත් බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයෙන් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වි තිබේ.
 
ගල්ෆ් රටවල් හයේ මේ වනවිට මරණ 557ක් සිදුවී තිබේ.
 
මිලියන 30ක පමණ ජනගහනයක් සහිත විහාලම ගල්ෆ් රට වන සවුදි අරාබියේ වැඩිම ආසාදන සංඛ්‍යාව වන 41 014ක් සහ මරණ 225ක් තහවුරු වී ඇත. පසුගිය පැය 24 තුළ සවුදි අරාබියේ නව රෝගීන් 1 966ක් වාර්තා වූ අතර මරණ 09ක් සිදුවිය. සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටියේ කොරෝනා වයිරසය අප්‍රේල් මාසයේදී සවුදි අරාබියේ 10 000 - 200 000ත් අතර පිරිසකට ආසාදනය විය හැකි බවයි.
 
කුඩා රාජ්‍යයක් වන කටාර් හි රෝගීන් 22 520ක් වාර්තා වන අතර සහ මරණ 14ක් සිදුවී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තා වී ඇති රෝගීන් ගනන 18 198 කි. එරටින් මරණ 198ක් තහවුරු වි තිබේ.
 
ඕමානයේ රෝගීන් 3 399ක් වාර්තා වී තිබේ. මරණ 17කි.
 
කුවේට් රාජ්‍යයෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් ගනන 8 688කි. මරණ 58ක් සිදුවී තිබේ.
බහරේන් හි රෝගීන් 4 941ක් සහ මරණ 08ක් තහවුරු වී තිබේ.
 
කෙසේ වුවද ගල්ෆ් කළාපයේ බොහෝ රටවල් මේ වනවිට පැනවූ සීමා ලිහිල් කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (2)

ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි

Kapila Monday, 11 May 2020 06:01 PM

කෝ අර බණ්ඩා කියන කෙනා...? දැන් බලාගන්න උෂ්ණත්වය 30ට වැඩි රටවල් කිහිපයක පැතිරුණු ආකාරය... කියන්නන් වාලේ කියවන්න එපා...

:       0       36

vidya Tuesday, 12 May 2020 02:48 AM

රටේ තියන දුප්පත්කම නිසා බැල මෙහෙවරකම් කිරීමට ගොස් අසරණ වෙලා ඉන්න ලංකාවේ දරුවන් ටික කරුණාකරලා ගෙන්වා ගන්න. ඒගොල්ල සිංගප්පුරුවට ගිහින් බෙහෙත් ගන්න නෙමේ ගියේ. ඕස්ට්‍රේලියාවට ගිහින් ජනෙල් වලින් වැටෙන්න නෙමේ ගියේ. පාස් පෝට් තුන හතර තියාගෙන රටරවල රස්තියාදුවේ නෙමේ ගියේ. පිටරටවල් වලට ගිහින් බණ කියන්න වස් වසන්න නෙමේ ගියේ. මේ මිනිස්සු ගියේ සිඟා නොකා සිඟා කන්න බැරි නිසා. මෙය වහාම නොකළොත් ලංකා මාතාව අපිට දොස් ති‍‍‍‍‍‍යයි. ජනාධිපතිතුමනි, මෙන්න මානුෂික මෙහෙවරේ අලුත් අදියර.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 91 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 137 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 411 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 170 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 322 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 719 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site