IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 24ක් කොරෝනාවෙන් මිය යති

ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 24 දෙනකු කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.

 
පසුගිය සතියේ සිට වෛද්‍යවරුන්ගේ මරණ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී ඇතැයි එරට වෛද්‍ය සංගමය පවසයි. 
 
වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ හිඟය හේතුවෙන් බොහොමයක් දෙනා ආසාදනයට ලක්වන බවට විවේචන එල්ල වී ඇත. 
 
පසුගිය පැය 24 තුළ ඉන්දුනීසියාවෙන් කොරෝනා වයිරස රෝගින් 218ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2 491ක් දක්වා ඉහල ගොස් තිබේ.
 
කොරෝනා ආසාදිත මරණ 209ක් සිදුවී ඇත.
 
චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ද ඉන්දුනීසියාවේය.

"වෛද්‍යරුන් මියයෑමේ ප්‍රවණතාවය ඉහලට ගමන් කරයි. වෛද්‍ය සේවකයන් ආසාදනය වීම අවදානම සෑම විටම පවතී. නමුත් කෙසේ හෝ වෛද්‍ය සේවකයින් ආරක්ෂා කරගත යුතුය." යැයි වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු වන හලික් මලික් පැවසීය.
 
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුලු අයිතිවාසිකම් කණ්ඩායම් ගනනාවක්, ඉන්දුනීසියාවේ සෞඛ්‍ය සේවකයින්ගේ මරණ සංඛ්‍යාව ඉහල යෑම සම්බන්දව කණස්සල්ල පලකර තිබේ.

“වෛද්‍ය සේවකයින්ගේ මරණ හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොව මෙවන් හදිසි අවස්ථාවකදී රටේ සෞඛ්‍ය සේවය සම්බන්දව අනතුරු ඇඟවීමක් ද වේ” යැයි අයිතිවාසිකම් කණ්ඩායම්වල සන්ධානයක් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලොව හතරවෙනියට වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දුනීසියාවේ නිල දත්ත වලට වඩා රෝග ව්‍යාප්තිය විශාල බව ද සඳහන් වේ. 
 
ඉන්දුනීසියාවේම බුද්ධි තොරතුරු අංශ පසුගිය සතියේ හෙළි කළේ, කොරෝනා වෛරස රෝගීන් ඉදිරි මාස තුන තුළ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 
 
ජූලි මාසය වන විට රෝගීන් 100,000 ඉක්මවා යෑමට ඉඩ ඇති බවත් ඔවුහු පවසති..
ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සඳුදා කැබිනට් රැස්වීමකදී කියා සිටියේ ඉන්දුනීසියාව පුරා පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ) බෙදා හැර ඇති බවයි. 
 
එහෙත් එම උපකරණ  රෝහල්වලට ලැබී ඇත්ද යන්න ප්‍රාදේශීය නිලධාරීන් විසින් නිරීක්ෂණය කළ යුතු බව ද ඔහු පැවසීය..
 
ඉන්දුනීසියානු සෞඛ්‍ය සේවකයින් වරින් වර ආරක්ෂිත ආම්පන්න හිඟයකට මුහුණ දී ඇති අතර සමහර වෛද්‍යවරුන්ට වැහි කබා ඇඳීමටත්, වෛරසයෙන් ආරක්ෂා වීමට තමන්ගේම මුහුණු ආවරණ ගෙන ඒමටත් බල කෙරී ඇත.

රෝහල් ඇඳන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ දැඩි සත්කාර පහසුකම්වල හිඟයක් ද රටපුරා පවතී.

නැගෙනහිර පළාතේ මාලුකු සහ පැපුවා ඇතුළු අවම වශයෙන් ඉන්දුනීසියානු පළාත් 10 කට කොවිඩ්-19ට මුහුණ දීමට පහසුකම් නොමැති බව ඉන්දුනීසියාවේ කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානී ඩොනි මොනාඩෝ පාර්ලිමේන්තුවට පැවසීය. 

ඉන්දුනීසියාවේ සුමත්‍රා නගරයට ඔබ්බෙන් පිහිටි වියට්නාම් යුධ සමයේ සරණාගත කඳවුරක් ලෙස පැවති ජනාවාස නොවූ දූපතක් සහ ක්‍රීඩා ගම්මානයක් කොරෝනා වෛරස ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 24ක් කොරෝනාවෙන් මිය යති

jayath Tuesday, 07 April 2020 09:32 AM

මම මේ ආණ්ඩුවට සුදු හුණු ගානවා නෙමේ. නමුත් මේක තමයි කටුක සත්‍යය මේ රටේ තත්වයත් ඔය ඊනියා දියුණුය කියලා අපි හිතාන හිටිය රටවල තියනවය කියන තත්වයත් මැදහත්ව හිතාගෙන බලන්න අපි ඉන්නේ කොහෙද කියලා මම කාලයක් කාණගාටු උනා. යන්න පුළුවන්කම තිබුන කාලේ මේ රට දමල නොගිය එක ගැන ඒ මේ සිස්ටම් එක කුණුවෙච්ච තරම දිහා බලලා. නමුත් දැන් මට එහෙම හිතපු එක ගැන හිතෙන්නේ කණගාටුවක්.

:       11       16

Anton Austria Tuesday, 07 April 2020 10:58 AM

අපි රට ඉන්නේ ඒත් අපේ මවුබිමට ආදරේ.... ඇත්ත ම කීවොත් ම ඉන්න නගරේ මිනිස්සු ලංකාවට බනිනවා.... එදා ඉදන්ම දැනුත් කරන දේවල්වලට සතුටක් නෑ. එකට හේතුව ඔවුන්ට යහපත් ජීවිතයක් හොඳ පවුල් රටාවක් ලංකාවේ තිබුනේ නැ... මන්ද ඔහුන් ලංකාවේදී ඉගෙන නොගත් නිසා එහෙත් මෙහෙ ඉගෙන නොගත් වුණත් පිරිසිදු කරලා හරි ලක්ෂ ගණන් හොයන නිසා ඔහුන් ඔක්කොම මෙහෙ ලබාගෙන ඉතින් දැන් ඔහු ලංකාවට වෛර කරනවා. ඒත් ඔහුන් වයසට ගියාම ලංකාවට යන්න ඉන්නේ කොතරම් ඔහුන්ගේ හිත් දුෂ්ටද මේ මන් අද්දැකපු කතා. හැමෝම නොවේ ගොඩක් දෙනෙක්ගේ ඇහෙන්නේ ඔය කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 256 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 101 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 191 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 522 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 402 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 314 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site