IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආදායම් නොමැති විහාරස්ථනවලට සතියකට රුපියල් 3000ක වියළි ආහාර

ඩී.ජී.සුගතපාල

රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය නිසා, දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත, සතිපතා රුපියල් 3000ක් වටිනා වියළි සළාක ලබා දිමට අද(6) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.


මේ සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබනනේ සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල මගිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 19 තුල පිහිටි එවැනි විහාරස්ථාන සහ දස සිල් ආරාම සීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එවැනි දුෂ්කරතා සහිත විහාරස්ථාන අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටී.



අදහස් (8)

ආදායම් නොමැති විහාරස්ථනවලට සතියකට රුපියල් 3000ක වියළි ආහාර

TRzan Tuesday, 07 April 2020 01:28 PM

කලුතර බෝධියට ලැබිච්ච ආදායමෙන් මෙවට වෙන් කරන්නකෝ

:       70       28

නොකවුට් Tuesday, 07 April 2020 05:53 PM

කලුතර බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරන සේවය තමුන් නොදන්නා විය හැක. ඇතැම් විට දැන දැනත් දුෂ්ට චේතනාවෙන් කියනවා විය හැක. ශාසනාරක්ෂක අරමුදල යනු සියල්ලගේ එකතුවයි

:       0       38

NishanTuesday, 07 April 2020 11:42 PM

දළදා මාලිගාව, දඹුල්ල, කතරගම වගේ පුජනිය ස්ථානවලට කෝටි ගණන් ලැබෙන ආධාර මෙවැනි දුප්පත් පන්සල් වලට දෙන්න බැරි ඇයි ?

:       0       0

Sugath Tuesday, 07 April 2020 04:10 PM

අතිශයින්ම වැදගත් දෙයක්. පුලුවන් නම් සෑම ගමකම තිබෙන විහාරස්තාන වලට මේ ආකාරයට දානය පිලියල කර ගන්න ක්‍රමයක් හදන්න. අපේ මුදුන් මල්කඩ වන් බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන්, මේ කරන කටයුත්තෙන් ලැබෙන අප්‍රමාන පිනෙන් ඔබ සැමට ඉකමනින් සහ පහසුවෙන්ම නිවන් දකින්න මෙය මහෝපකාරීම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ පින් කටයුත්තක් විවේචනය කරල නිරයට පාර කපා ගන්නත් එපා කියල මේක විවේචනය කරන්න බලාගෙන ඉන්න කට්ටියගෙන් ඉල්ලීමක් කරනවා.

:       15       50

rohana kumara mendis Tuesday, 07 April 2020 04:23 PM

සතිපතා තුන් දාහක් අර ඇමතිතුමා කීවා වගේ 5 දෙනෙක් ඉන්න පවුලකට 2500 කරන්න බොන්න පුළුවන් කියලා... බන්දුල ගුණවර්ධන ඇමතිතුමා...

:       24       3

JagathTuesday, 07 April 2020 06:18 PM

සුගත් මහත්තයා කියල වැඩි වෙලාවක් ගිහින් නැහැ. ඕන් තවත් නිරයට පාර කපාගන්න අලියගෙ නැට්ටෙ එල්ලිච්ච සීනු ජෙප්පෙක් ඉන්නවා...

:       23       58

රොහාන්Wednesday, 08 April 2020 01:33 AM

ජගත්ට ඇත්ත පේන්නම බැහැ නේද බන්දුල ගුනවර්ධන කලකට පෙර 5 දෙනෙකුට රුපියල් 2500 කින් සතියක් කන්න බොන්න පුළුවන් කියලයි කිව්වේ. අපේ රට මෙතරම් නොදියුනු වුනේ රටේ පවතින පක්ෂ බේදය නිසා බව තේරුම් ගන්න

:       0       0

Champa Wednesday, 08 April 2020 01:42 AM

හොඳ ආරම්භයක්. කොරෝන නිසා මිනිස්සුත් අසරණයි මේ වෙලාවේ. ඒ හින්ද පන්සල් වලට හුඟක් අමාරුකම් ඇති. සමහර වෙලාවට කන්න නැති මිනිස්සුත් යන්නේ පන්සලට. අනිත් පලාත්වල දිස්ත්‍රික් ලේකම්වරුත් මේ විදිහට වැඩ කරනවා නම් කොයි තරම් හොඳද.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 182 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 167 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 143 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 387 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 802 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 138 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site