පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ නියමිත කාර්යාලවල දී වැඩ භාර ගැනීම විශේෂ සිදුවීමක් විය.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සහභාගි වූ අතර ඉන්පසු ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ භාර ගැනීම සිදු වූයේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්විය. එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීමේ වැඩ කටයුතු ආරම්භ කරමින් කීවේ අද පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවාවි’ කියාය. ‘නෑ නෑ සර්ම කරන්න’ සජිත් කීවේය.
‘වැඩ පටන් ගමු’ සජිත් මෙහෙයවන්න රනිල් යළි කීවේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථම වරට විපක්ෂ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම මෙහෙය විය.
ඔහු පළමුවෙන්ම ප්‍රකාශ කළේ ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරන බවය. සියලු දෙනාම අත්පොළසන් දෙමින් ගයන්ත කරුණාතිලක මහතාගේ පත්වීම ගැන සතුට පළ කළහ. නියෝජ්‍ය විපක්ෂ සංවිධායකවරුන් වශයෙන් රංජිත් අලුවිහාරේ, ජේ. සී. අලවතුවල හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් පත් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය. මීට අමතරව අතිරේක සහකාර සංවිධායකවරුන් ලෙස ආශු මාරසිංහ, හෙක්ටර් අප්පුහාමි හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන් පත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
කිසිදු මතභේදයකින් තොරව ඉතා සුහදව පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාව පැවැති අතර මෙවර විශේෂිත සිද්ධිය වූයේ සජිත් ප්‍රේමදාස මහතා මුල්වරට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමයි.
දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග ගැන ද මෙහිදී විවිධ අදහස් පළ විය.
මෙම සාකච්ඡාවට පෙර පසුගිය 1 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාට නව වසර සඳහා සුභ පැතුම් ගලා ආවේය. ඔහුගේ දුරකථනයට විවේකයක් නොවූ තරම්ය. ඔහුට සුභ පැතූ අය අතර රනිල් වික්‍රමසිංහ මහතා ද වූයේය.
නව වසරේ සජිත් ප්‍රේමදස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කටයුතු සොයා බැලීමක් ද කළේය. විපක්ෂ නායක ලෙක්ම්වරයා වූ නවුෆර් සමඟ ද සාකච්ඡා කළ සජිත් ප්‍රේමදාස මහතා එහි කාර්ය මණ්ඩලය ද හමුවිය.
පසුගිය සතියේ තවත් විශේෂත්වයක් වූයේ එක්සත් ජාතික් පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාවයි. මෙහිදී තිස්ස අත්තනායක සජිත්ගෙන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ තනිව මුණ ගැසී සාකච්ඡා කරන ලෙසටයි. දෙවැනි පාර්ශ්ව අතන මෙතන සාකච්ඡා කිරීමට වඩා සුදුසුම දේ දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කිරීම බව තිස්ස අත්තනායක මහතා කීවේය. මීට අමතරව ඔහු දුරකථනයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට කතා කර එම යෝජනාවම ඉදිරිපත් කළේය.
එජාප සාමාජිකයන්ට යම් දේශපාලන පලිගැනීමක් සිදුවූ විට ඔවුන්ට නොමිලේ නීති සහාය දෙන නීතිඥයන් කණ්ඩායමක් ද පිහිටුවීමට සජිත් පියවර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විපක්ෂ නායක කාර්යාලයේ සිටි කාර්ය මණ්ඩලයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද සජිත් දැනුම් දී ඇත. ‘ඔන්න මම රටටම පෙන්නුවා සජිත් ආවම කවුරුවත් කැපෙන්නෙත් නෑ. පක්ෂය බෙදෙන්නෙත් නෑ කියලා. මේ හැම දෙනාම පක්ෂයට සේවය කළ අය.’ සජිත් විපක්ෂ නායක කාර්යාලයට එජාපයෙන් පත් කළ සේවකයන්ට කීවේ එසේය.
විපක්ෂ නායක සජිත් රැස්වීම ආරම්භ කළේ මන්ත්‍රීවරුන්ට අලුත් අත්දැකීමක් ද එකතු කරමිනි. එනම් මෑත කාලයේ පළමු වැනි වතාවට එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඇරැඹුණේ තම තමන්ගේ ආගම සිහි කිරීමෙනි. ඉන්පසු රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
247
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1598
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජිත් මුල්වරට එජාප මන්ත්‍රී රැස්වීම මෙහෙයවයි