ජනපති විදෙස් සංචාරයක නිරත හෙයින් රටේ සියලු වගකීම් ගැන අගමැතිවරයා සිටියේ දැඩි අවධානයෙනි. ඒ තුළ වෙනදාටත් වඩා ඔහු කාර්ය බහුල විය. එහෙත් කලින් යොදාගත් කිසිදු රාජකාරියක් හෝ උත්සවයක් හෝ අතපසු නොකිරීමටද අගමැතිවරයා වගබලා ගත්තේය.
බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් ඔහු අරලියගහ මැදුරට ආවේ පවතින කාර්ය බහුලත්වය තුළය.
“මහනුවර ජාතිවාදී ගින්දර දැන් නිවිලා. මේක සංවිධානාත්මකව රට පුරා පතුරවන්නයි කුමන්ත්‍රණකරුවන්ගේ සැළසුම වෙලා තිබෙන්නේ. ආණ්ඩුව ගත් පියවර හා ආරක්ෂක අංශවල කැපවීම කවුරුත් අගය කළ යුතුයි.” අගමැතිවරයා කීවේ මැදුරට ඇතුළු වන ගමන් පැමිණ සිටි මැති ඇමතිවරුන්ටය.
“ජනතාවට රැකවරණය දුන්නේ පොලීසිය හා හමුදාවයි. එ්ත් පොලීසියේ ඉහළ නිලධාරීන් අතර තිබූ මතභේද නිසා මහනුවර සිද්ධියට පොලීසියේ මැදිහත්වීම ටිකක් පරක්කු වුණා කියලත් පත්තරවල ගියා” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීවේ ජනතාව ඔහුට කී පුවත බව අඟවමිනි.
“පොලීසියේ එහෙම කඹ ඇදිල්ල තිබුණ නම් මට ආරංචි වෙනවා. අන්තිමට කාගේත් විවේචනයට වගේම කාගේත් රැකවරණයට හිටියේ පොලීසියයි.” අගමැතිවරයා කී විට සියලු දෙනා එය අනුමත කළහ.
“අගමැතිතුමාගේ මහනුවර සංචාරය ගැන මිනිස්සු සතුටින් කතා කරනවා. ටිකක් පරක්කු වුණේ ඇයි කියලත් සමහරුන් මගෙන් ඇහුවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“මුල්ම සෙනසුරාදායි මා මහනුවර එන්න හිටියේ අස්ගිරි නා හිමි එදා නැති බව දන්වපු නිසයි දින 2-3 ක් ගමන ප්‍රමාද කළේ. එ්ත් සාමය රැකීමට අවශ්‍ය නියෝග දීම තත්පරයක්වත් පරක්කු කළේ නැහැ” අගමැති කීවේය.
“තෙල්දෙණිය, දිගන, මැණික්හින්න, කුණ්ඩසාලේ මෙන්ම ආණමඩුව, බේරුවල වගේ හැමතැනම අර්බුද ඇති කරන්න ඉඳලා කියලයි ආරංචි. කුණ්ඩසාලෙදී පෙට්රල් බෝම්බ වගේම අත් පත්‍රිකා දහස් ගණනකුත් අහුවුණා කියා පොලීසිය රටට එළි කළා. භයානක කුමන්ත්‍රණයකින් රටත්, ජනතාවත් ගැළවුණේ” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.
“සමහරු තමන්ට එරෙහිව තිබෙන දූෂණ, වංචා නඩු අසා හිරේ යන්න කලින් ආණ්ඩුවට ගේම් එක දෙන්නයි බැලුවේ. අන්තිමට ඒ පහත්ම කුමන්ත්‍රණයත් හබක්” වජිර අබේවර්ධන කීවේ සිනා මැදය.
“ෆේස් බුක්, වයිබර්, වට්ස් ඇප්, ඉමෝ වගේ දේවල් තහනම ගැන මිනිස්සු මුලින් හොඳ කිව්වා. ඒත් ඒක දිගටම ගෙනියන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්” දයා ගමගේ කීවේය.
“වයිබර්, වට්ස් ඇප්, තහනම ඉවත් කළා. ෆේස් බුක් තහනම සිකුරාදාට කලින් ඉවත් කරන බව හරීන් කිව්වේ නියාමන කොමිසමේ මතයත් විමසලා නිසා ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා තහනමට මමත් කැමති නැහැ. ඒත් ගිනි ඇවිලෙන එක තාවකාලික තහනම නිසා වැළකුණා. දිගටම මේවා තහනම් කරන්න බැහැ. ලෝකයම ගෝලීකරණය වෙලා නිසා අර මොකක්ද අතීසාරෙට අමුඩ ගහලා හරියන්නෙ නැහැ” අගමැතිවරයා කීය.
"ඒත් සමාජ ජාලාවලට නියාමනය අවශ්‍යයි. විදෙස් රටවල ඒකට ඕනෑ තරම් නිදසුන් තිබෙනවා. චීනයේ ජාත්‍යන්තර සමාජ ජාලා කිසිදේකට ඉඩක් දී නැහැ. දැඩි පාලනය යටතේ චීන ආණ්ඩුවේ නියාමනය තුළයි, එක් සමාජ ජාලයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ. අප එතනට යන්න ඕනැ නැහැ. ඒත් පාලනය අවශ්‍යයි. නමුත් සමාජ ජාලා අවහිර කරනවාට මමත් විරුද්ධයි” නවීන් දිසානායකගේ පැහැදිළි කිරීම සියලු දෙනා අනුමත කළහ.
"චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ සියලු දෙනාත් මේ තහනමට විරුද්ධව මත පළ කළා. ජනාධිපතිතුමාට මේ ජාල හරහා එල්ලවෙන චෝදනාවලින් වැළකෙන්න තහනමට සමහරුන් එතුමාව පෙළඹෙව්වා කියලත් කතා යනවා. එහෙමනම් අගමැතිතුමාට ෆේස් බුක්වලින් කොච්චර ගහනවද? අගමැතිතුමා නම් ඉතිං "මීඩියා ප්රූෆ් නේ?" බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනා මැදය.
"හදිසි නීතිය දැමීමෙනුත් ජාතිවාදී කෝලාහල පාලනය වුණා. ඒක ඉවත් කරන්නෙ කවදාද? සමාජ ජාල තහනම වගේම හදිසි නීතියත් ඉක්මනින් ඉවත් කළ යුතුයි" ගයන්ත කරුණාතිලක කීවේය.
"සිද්ධිවල පරීක්ෂණ දැන් යනවා. ඒවා ඉවර වෙනතුරු හදිසි නීතිය ඉවත් කරන්න එපා කියා ආරක්ෂක අංශ කියන දේත් ආණ්ඩුවට අහන්න වෙනවා. හදිසි නීතියත් ඉක්මනින් ඉවත් කළ යුතුයි. ඒක ඇත්ත" අගමැතිවරයා කීය.
"නව එජාප ඇමැතිවරුන් පත් කළාට ගැසට් එක තාම නැහැ. ඒක පරක්කුවීම ලොකු අවුලක් බවයි නිලධාරීන් කියන්නේ?" දයා ගමගේ කීය.
"ජනාධිපතිතුමා රට ඉඳලා ආව ගමන් නව විෂයයන් ගැසට් කරාවි." අගමැති කීය.
"එතකොට ශ්‍රීලනිප ඇමැති සංශෝධන කෝ? ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට ගහලා ඡන්දත් පරාද කරවල ශ්‍රීලනිප අය ඒ ඇමැතිකම්ම බදාගෙන ඉන්න හැඩයි. ශ්‍රීලනිප ඇමැති සංශෝධන නොකළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි." මන්ත්‍රී චමින්ද විජේසිරි කීය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය හා ජපන් සංචාර ගැනද එහිදී විදේශ අමාත්‍යාංශ නිලධාරීහු කරුණු කීහ.
"නව ව්‍යවස්ථාව ගැන ලංකාව මෙතෙක් දරපු මතය ඉන්දියාවේදී සුළු හැලහැප්පීමක් වෙලා කියා ආරංචියි. ඒත් ඒක ෂේප් කරගෙන තිබෙනව.
ශ්‍රීලනිප පාර්ශ්වය මෑතකදී මහනුවර අධිවේගයේ තුන්වැනි අදියර ගැන ජපානයට පහර දුන්නත් අන්තිමේ ජපන් සංචාරයට ලංකාවට ආරාධනා කළෙත් මේ සුළු ගැටුම් නිරාකරණය කර ගන්නයි. අධිවේගයේ තුන් වැනි අදියර ගැන ජපානයෙන් ලොකු පීඩනය ආවා කියලත් ආරංචියි. ඒ ප්‍රශ්නත් විසඳිලා තියෙනවා” විදේශ අමාත්‍යංශ නිලධාරීහු එළිකළහ.
“පළාත් පාලන ආයතන ඉක්මනින් පිහිටුවා ගන්න ඕනෑ. ඡන්දය ඉවර වෙලා මාසයකටත් වැඩියි.” ලක්ෂමන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ කීවේද එකම කතාවකි.
“පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයත් මැතිවරණ කොමිසමත් මේවාට වගකිව යුතුයි. නීතිය වෙනස් කරන්න වෙනවා. පවතින තත්ත්වය අසාර්ථකයි කියලයි නීති අංශයත් කියන්නේ.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.
අගමැතිවරයා එහිදී නළල රැළි ගන්වා ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම
මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රීලනිප ඇමැති සංශෝධනය කෝ ?