සාමය සමගිය දෝතින් අරගෙන
සයිප්‍රස් සිටියත් සෑම අවුරුදු කන
යහමග පෙන්වන ණැනගුණ පාදන
ලංකාරාමය දෝතින් පුද දෙන
හෙළ අවුරුදු නෙත්වලට දකින්න
හෙළ ගැමිකම සිත්වලට දැනෙන්න
හෙළ වෙගේ දරු කැල පැමිණෙන්න
නිකෝසියාවේ අවුරුදු කන්න
සිරිතට නැකතට ලිප් මොළවාලා
බුලත් හුරුලු දී වැඩිහිටි වැඳලා
වාරම් කියමින් ඔන්චිලි පැදලා
අවුරුදු කමු අපි එක්රොක් වීලා
වෙහෙස මහන්සියෙ පාළුවෙ දැවි දැවි
තිබෙනා හදවත් සතුටින් නිවි නිවි
ජන ක්‍රීඩා සමගින් වාරම් කවි
සිහිවෙයි මව්බිම අවුරුදු මැවි මැවි
විමලා යාපා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd