වෙර සිඳී කොළ හැළී නිරුවත් ය තුරු සිරස
තිර වසා හිරු නිදිය රෑ උදා වුණු විලස
බර දෙපා පියනගන මේකුළු ය මුළු අහස
බොර කළේ නිල් අහස කවුරුන් ද මේ විගස
සර සරට එන ශීත පරිසරය කර අලස
පර මල්ය හැම තැනම සිරි සොබා නැත ගවස
කර නෑර පැණි ඉරුව සමනළිය සහ පිරිස
දුර බැහැර ගම් ගොස් ය හැරදමා සිටි නිවස
කුර හඬින් පැන දුවන වසන්තය සිප සනස
දුර ඈත කඳු ශිඛර හිම පියළි ඇත ගවස
හැර පියා යමි කොතැන වසන්තය නැති දවස
දොර කවුළු හැර තබමි සිසිරයට එනු පිණිස
රසීකලා - රෝමය, ඉතාලිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd