IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සල්ලි උනන උල්පතක් රෝමයේ පල්ලියක !

 

අසීමිත හා නොකඩවා ලැබෙන ආද‌ායම උල්පතකින් ජලය ගලාඒමට උපමා කරති. උල්පතක් ආශ‍්‍රිතව තැනුණු පොකුණකින් මුදල් සම්භාරයක් ගොඩගනිතැයි කිවහොත් එය කෙනෙකුන්ට විශ්වාස කිරීමට තරමක් අපහසු වෙනු ඇත. රෝම නගර මධ්‍යයේ දේවස්ථානයක් පිටුපස ප‍්‍රතිමා සහිතව අලංකාරව නිර්මාණය කර ඇති ෙට්‍ර්වි උල්පත මුදල් ගලා එන උල්පතක් බඳුය. 


එවකට පාප් ධුරය දැරූ දොළොස් වැනි ක්ලෙමන්ට් පාප්තුමාගේ ඇරයුමකට අනුව නිකෝලා සාල්වි නම් ශිල්පියෙකු විසින් 1732දී අරඹා 1762දී අවසන් කර ඇති ෙට්‍ර්වි ජල පොකුණ රෝමයේ විශාලම ඓතිහාසික ජල තටාකය වෙන අතර, ලොව ප‍්‍රකටම පොකුණද වේ. දේවස්ථානයක් මැදින් භූගතව ගලා එන ජලධාරාව ප‍්‍රතිමාවලින් අලංකාර කරන ලද තටාකයකට වැටෙන අයුරින් නිමාකර ඇති මෙම පොකුණේ අලංකාර බව නිසාම, චිත‍්‍රපට පසුබිම් දර්ශන සඳහාද මෙතැන යොද‌ාගැනේ. සුප‍්‍රසිද්ධ සිනමාවේදියකුව සිටි ඉන්දියාවේ රාජ් කපූර්ගේ ‘‘සංගම්’’ (1964) චිත‍්‍රපටයේ දර්ශන පෙළක් සඳහාද මෙම ජල තටාකය පසුබිම් දර්ශනය ලෙස යෙද‌ාගෙන තිබුණි. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලාස් වේගාස්හි සංචාරක හෝටල් සංකීර්ණයක (ද සීසර් පැලස්) ද, මෙම ජල තටාකයේ අනුරුවක් ඉදිකර ඇත. 


රෝමය එක දවසින් ගොඩනැගුවේ නැතැයි කියමනක් ඇත. රෝම අධිරාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස පැවති සුවිසල් රෝම නගරය, සංචාරකයකුට දවසකින් දෙකකින් තබා මාස කීපයකින් වුවද මුළුමනින්ම නරඹා නිමා කළ නොහැකිය. රෝමයට වරක් පැමිණි සෑම සංචාරකයකුගේම පරම අදහස වෙන්නේ යළි කෙදිනක හෝ නැවත රෝමයට පැමිණීමය. 


ෙට්‍ර්වි ජල තටාකයට පිටුපස හරවා පොකුණට වැටෙන ලෙස හිස මතින් කාසියක් විසිකළ විට, කෙලෙසක හෝ නැවත රෝමයට පැමිණීමට වරම් ලැබේය යන විශ්වාසයක් ආදියේ සිටම පවතී. මේ හේතුවෙන්ම රෝමය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයෝ ෙට්‍ර්වි ජල තටාකය වෙත ගොස් හිසමතින් කාසියක් විසිකිරීමටද අමතක නොකරති. මෙම ගුරුකම වැරදි නොයන බව බොහෝ දෙනෙකු අත්දැකීමෙන්ම දනිති. 


සංචාරකයන් විසින් ෙට්‍ර්වි තටාකයට විසිකරනු ලබන මුදල් පොලිස් ආරක්ෂාව සහිතව විටින් විට එකතුකර පුණ්‍ය කටයුතු සඳහා කතෝලික පල්ලියට පරිත්‍යාග කිරීම මෙතෙක් රෝම නගරසභාව විසින් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තියයි. සංචාරකයන් විසින් විසිකරනු ලදුව ෙට්‍ර්වි තටාකයෙන් ගොඩගනු ලබන මුදල වාර්ෂිකව යුරෝ දසලක්ෂය ඉක්මවන බව රෝම නගරසභා වාර්තා කියයි. 


ඔක්තෝබර් මස තිස්වැනිදා රෝම නගරසභාව විසින් ගන්නා ලද තීරණයට අනුව, 2018 අප්‍රේල් මාසයේ සිට ෙට්‍ර්වි තටාකයෙන් ලබාගන්නා මුදල කතෝලික පල්ලියට පරිත්‍යාග කිරීම අත්හිටවෙනු ඇත. එතැන් පටන් මෙම මුදල රෝමයේ සංස්කෘතික දේපොළ නඩත්තුව සඳහා යොද‌ාගැනීමට නගරසභාව තීරණය කර ඇත. සීසර්ගේ දෙය සීසර්ටම දීපල්ලා යන ජේසුස්වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් කතෝලික පල්ලියද රෝම නගරසභාවේ මෙම තීරණයට එරෙහි වී නැත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ​ෙට්‍ර්වි ජල තටාකයයි.


ගැස්කොන් ලාසරස්, 
රෝමය, ඉතාලිය.



අදහස් (0)

සල්ලි උනන උල්පතක් රෝමයේ පල්ලියක !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site