
විදෙස් රටක සිටියද බෞද්ධ පින්වතුන්ට කුසල් රැස් කර ගත හැකි අවස්ථාවකි වස් පිංකම් පැවැත්වීම. ඒ අනුව රෝම ශාඛ්‍යමුණි විහාරයේ දායක පින්වතුන් විසින් සෑම සතියකම ඉරිදා දිනය බෝධි පූජාවන් සිදුකිරීමට කැපවී සිටිති. මෙවර වස් පින්කම් මාලාවේ තුන්වැනි වස් පින්කම පසුගිය 12 වැනි ඉරුදින රෝම ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන් රාශියක් ඒකරාශි වී අටවිසි බුද්ධ වන්දනාවක් සහිත බෝධිපූජා පින්කමක් සිදු කරන ලදී.
වස් තුන්මාසය පුරාවටම සෑම ඉරු දිනකම ශාඛ්‍යමුණි විහාරස්ථානයේ බෝධි පූජා පින්කම් පැවැත්වේ. වස් පින්කම් මාලාවේ බෝධි පූජා පින්කමක් දායක සැමට, තම දෙමාපියනට, ඥාතීනට සෙත් පතා ආශිර්වාද පූජාවක් පවත්වන්නට හැකිය. තම මියපරළොව ගිය ඥාතීන්ට පින් පැමිණවීම සඳහා ඉරිදා දිනයක් වෙන් කර ගත හැක.
රෝමයේ වෙසෙන පිනට දහමට ලැදි බෞද්ධ පින්වතුනි, වසරකට එක්වරක් කුසල් රැස් කර ගත හැකි මෙම උතුම් පින්කම සඳහා දායක වෙන ලෙස රෝම ශාඛ්‍යමුණි විහාරය ආරාධනා කරයි.
ප්‍රේමා කංකානම්ගේ - රෝමය
ඡායාරූප - ශම්මි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd