IMG-LOGO

රෝම අධිරාජ්‍යයා කළ යුද්ධයක රහස් හෙළි කරන වසර 1903 ක් පැරැණි ශෛලමය රූප කතාව

 

වසර දහසකට ආසන්න කාලයක් පැවති දැවැන්ත අධිරාජ්‍යයක පරිපාලන මධ්‍යස්ථානය ලෙස රෝමය එවකට මිහි බට සුරපුරක් සේ විය. පොදු වැසිකිළියේ සිට කොලෝසියම වැනි ගෘහස්ථ ක්‍රීඩාංගන දක්වා ද, සුවිසල් අධිරාජ්‍ය මන්දිරයේ සිට විවිධ දෙවිවරුන් සඳහා කැපවුණු දැවැන්ත දෙවොල් ද එහි විය. විජිත ජයගෙන ආපසු පැමිණෙන හමුදාවන්ට රෝමයට ඇතුළුවීම සඳහා විශේෂ වූ මාවත් ද, එම හමුදා භටයන් පිළිගැනීම සඳහා ශෛලමය තොරන් ද ඉඳිකර තිබුණි. විජිත ජයගත් පසුව ඒ වෙනුවෙන් තැනුණු ස්මාරක ද නගරයේ තැන තැන විය. වසර දහස් ගණනක් ගතවී ඇතුව ද, මේ සෞභාග්‍යයේ නටබුන් තවමත් තැන තැන ඉතිරිව පවතී. 


රෝම අධිරාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානයේ කේන්ද්‍ර ප්‍රදේශයේ නටබුන් අතර ඇති ට්‍රයිආනෝ කුළුණ ඒ ශෛලියේ එකම කුළුණ ය. මේ කුළුණ පුරා කරන ලද කැටයම් සමූහයක් සංචාරයා දුටුවද, ඒවා කුමක්දැයි දන්නෝ ටිකදෙනෙකි. 


ක්‍රි. ව. 92 සිට ක්‍රි.ව. 117 දක්වා රෝම අධිරාජ්‍ය පාලනය කළ සටන්කාමී ට්‍රයිආනෝ අධිරාජ්‍යයා තම අධිරාජ්‍යයේ වපසරිය පුළුල් කරගැනීමේ කාර්යය ඉදිරියටම ගෙන ගියේය. ඔහුට තර්ජනයක්ව තිබුණේ දාෂියා රාජ්‍යයයි. (වර්ථමාන රුමේනියාව) දාෂියාව එවකට බලගතු රටක්ව තිබුණි. දාෂියාව යටත්කරගැනීම සඳහා ට්‍රයිආනෝ අධිරාජ්‍යයාට ක්‍රි.ව. 106 සිට ක්‍රි.ව. 110 දක්වා සටන් දෙකක්ම කිරීමට සිදුවිය. අවසානයේ ඔහු දාෂියාව ජයගත්තේය. මෙම ජයග්‍රහණය සිහිකිරීම සඳහා ට්‍රයිආනෝ අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව. 113 දී රෝමයේ තනවන ලද ස්මාරකය ට්‍රයිආනෝ කුළුණ ලෙස හැඳින්වේ. 

 


මීටර් 39.86 ක් උස මීටර් 3.83 ක විෂ්කම්භයක් ඇති ට්‍රයිආනෝ කුළුණ කොටස් හයකින් තනා එකට පිරිවැද්දුවකි. මෙම කුළුණ වටා ගසක වැලක් එතුණු ආකාරයෙන් කැටයම් කරන ලද සිත්තම් රැසකි. කුළුණ වටා එතී ඇති මෙම කැටයම් රූප කතාවේ දිග ප්‍රමාණය මීටර් 190 කි. එහි රූප දෙදහස් පන්සියයකි. බිම සිට පහසුවෙන් දැකගැනීම සඳහා පහත මාලවල රූපවලට වඩා ඉහත මාලවල රූප ප්‍රමාණයෙන් විශාලය. (පහත මාලයක කැටයම් රූපයක් සෙ.මී. 89 ක් වෙන අතර, ඉහළ මාලයක රූපයක් මීටර් එකයි සෙ.මී. විසිපහක් උසය) 
ට්‍රයිආනෝ කුළුණේ කැටයම්වලින් පෙන්නුම් කරන්නේ ට්‍රයිආනෝ අධිරාජ්‍යයා විසින් දාෂියා ජයගැනීම සඳහා කරන ලද යුද්ධයේ විවිධ අවස්ථාවන් ය. මෙම යුද්ධයේදී භාවිත කරන ලද අවි ආයුධ, යොදාගන්නා ලද යුධෝපක්‍රමයන්, මෙම කැටයම්වලින් අපූරුවට පෙන්වාදී ඇත. දාෂියා බලකොටුවට ඇතුළුවීම සඳහා ඩැනියුබ් ගඟ තරණය කිරීමට යොදාගන්නා ලද බෝට්ටු පාලම් ද, ගිනි බෝල සහ ගල් ඈතට විදීම සඳහා රෝම හමුදාව විසින් යොදාගන්නා ලද උපකරණ ද, මෙම ශෛලමය රූප කතාවේ කැටයම් කර ඇත. සතුරු නායකයන්ගේ හිස් ගසා හමුදාපතීන්ට ගෙනැවිත් පෙන්වූ ආකාරය දැක්වෙන කැටයම් ද මේ අතර වේ. 


ට්‍රයිආනෝ කුළුණ ලොව පැරණිම ශෛලමය රූප කතාව යැයි කීවද නිවැරදිය. මීටර් 190ක් දිගට කැටයම් මගින් කියා ඇත්තේ ට්‍රයිආනෝ රෝම අධිරාජ්‍යයා දාෂියා ජයගැනීමට කරන ලද යුද්ධයේ කතාව ය. කුළුණ මස්ථකයේ ජයග්‍රාහී මහේෂාක්‍ය විලාසයෙන් සිටින්නේ දාෂියා ජයගත් ට්‍රයිආනෝ අධිරාජ්‍යයා ය. 


ට්‍රයිආනෝ කුළුණ සහ එහි කැටයම් කීපයක් ඡායාරූපවලින් දැක්වේ. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය. 

 

 

 



අදහස් (0)

රෝම අධිරාජ්‍යයා කළ යුද්ධයක රහස් හෙළි කරන වසර 1903 ක් පැරැණි ශෛලමය රූප කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site