IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රෝමයේ ධර්මාශෝක විහාරයේ කඨින පිංකම් මාලාවට ආරාධනා

පෞරාණික බෞද්ධ කාලසටහනට අනුව දැන් වස්සානය නිමය. භාවනායෝගීව ආරණ්‍ය තුළ වැඩවිසූ භික්ෂූන් ලෝක සත්වයාගේ නිදුක් නීරෝගී හිත සුව පිණිස ගම් දනව් සිසාරා වැඩම කළ යුතු කාලය එ​ළඹ ඇත. 


ලෝ වැඩ පිණිස බුදුන්ගේ නිර්මල ධර්මය ප්‍රචාරය තරම් පිංකමක් තවත් නැත. එයට දායකවීම පමණක් ම වුවද ජාති ජාතිත් නිවන් දක්නා මහා පුණ්‍යකර්මයකි. භික්ෂුවගේ ධර්ම චාරිකාව සඳහා චීවරාදී කළමනාකරණ සපයාදීම (පූජාකිරීම) සදහම් චාරිකාව සඳහා ගිහියාගේ දායකත්වයයි. අල්ප සඟසතු දේ අතර චීවරය ප්‍රධාන ය. එබැවින් කඨින චීවර පූජාව යනු මහානුභාවනීය පුණ්‍යකර්මයකි. මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා සැදැහැවතුන්ට අවස්ථාව සලසාදෙමින්, නොවැම්බර් මස පළමුවැනිදා දෙවැනිදා සහ තුන්වැනිදා යන තෙදින රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ කඨින පිංකම් මාලාවක්, විහාරාධිපති නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාර දායක සභාව විසින් සංවිධානය කර ඇත. 


නොවැම්බර් මස පළමුවැනිදා සිකුරාදා සවස හතරේ සිට හත දක්වා චීවර පඬු පෙවීම සහ බෝධි පූජාමය පිංකම පැවැත්වේ. නොවැම්බර් මස දෙවැනිදා සෙනසුරාදා සවස හතේ සිට දහය දක්වා පිරිත් දේශන පිංකම ය. නොවැම්බර් මස තුන්වැනිදා ඉරිදා පෙරවරුවේ සිට කඨින චීවර පෙරහැර, කඨින චීවර පූජාව, නව බුදු පිළිමය නිරාවරණය කිරීම, සංඝගත දක්ෂිණාව, ධර්ම දේශනා, අටපිරිකර පූජාමය පිංකම සහ මල් වට්ටි වෙන්දේසිය ද පැවැත්වේ. සියල්ල අවසානයේ සඳකිඳුරු නාටකය සහ යශෝධරා නාටකය ද රඟදැක්වේ. 
මෙම මහා පුණ්‍යකර්මය සඳහා පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! 

 


විහාර දායක සභාව, 
ශ්‍රී ධර්මාශෝකාරාමය, රෝමය. 



අදහස් (0)

රෝමයේ ධර්මාශෝක විහාරයේ කඨින පිංකම් මාලාවට ආරාධනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site