IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රජ මැදුරක සිරවූ කිරිල්ලියකගේ විලාපය

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුන්ගේ මෙහෙසියව සිට දික්කසාදව වෙනත් පෙම්වතෙකු සමග රිය අනතුරකින් මියගිය ඩයනා ස්පෙන්සර් ගේ මරණයෙන් වසර 21 ක් ගත වීම නිමිත්තෙන් තැබෙන සටහනකි මේ.  


රාජකීයයන් මෙන්ම ලොව පුරා ප්‍රභූවරු දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ශත වර්ෂයේ මංගල්‍යය ලෙස නම් කෙරුණු මංගල්ලයකින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු ඩයනා ස්පෙන්සර් අතගත්තේ 1981 ජුලි 29 වැනිදාය. එතැන් පටන් ලොව විශේෂ අවධානයට පත් ඩයනා චාල්ස් කුමරුන් විසින් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් හෙළි වීම හේතුවෙන් මාළිගයේ සිර වූ අහිංසකාවිය ලෙස ප්‍රසිද්ධ විය. පසු කාලීනව ඩයනා කුමරිය අතින් සිදු කෙරුණැයි කියනු ලබන ඇතැම් ක්‍රියාවන් දෙස සානුකම්පිත ඇසින් බැලීමට ජනතාව යොමු වූයේ ද ඇය විසින් දිනාගන්නා ලද මේ සානුකම්පාවයි.  


1996 අගෝස්තු මස 28 දා චාල්ස් - ඩයනා දික්කසාදය නිල වශයෙන් ප්‍රකාශ වීමට පෙර 1995 දී රජ මැදුරේ බො​හෝ දේ හෙළි කරමින් ඩයනා කුමරිය විසින් BBC රූපවාහිනියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව බොහෝ දෙනා පිළිගත්තේ ඇය විසින් කරන ලද අත සෝදා ගැනීමක් ලෙස නොව රජ මැදුරක සිර වූ කිරිල්ලියකගේ විලාපයක් ලෙසය. ඩයනා කුමරියගේ ප්‍රසිද්ධියට පත් ප්‍රේම සබඳතා අතර පාකිස්තානු ජාතික හෘද රෝග විශේෂඥයකු වූ හසන් කාන් සමග ඇති කර ගත් ප්‍රේම සබඳතාව ඩයනාගේ ජීවිතයට මහත් බලාපොරොත්තුවක් ලබා දුන් බව කියැවේ. ඩයනා පාකිස්තානයට ගොස් හසන් කාන් ගේ පවුලේ අය දැන හඳුනා ගැනීමට තරම් මේ සබඳතාව දුර දිග ගොස් තිබුණි. එහෙත් රාජකීයයකු සමග විවාහයකට හසන් කාන් පසුබෑමක් දැක්වීම ඩයනාට දරා ගැනීමට අපහසු විය.

  
ඉස්ලාම් ආගමික කෝටිපති ඩොඩි අල්ෆයාඩ් සමග පසුව ඇති කරගත් ප්‍රේම සබඳතාව ඔහුත් සමගම ඇය මරණය කරා ගෙන ගියේය. ඔවුන්ට මරණය ළඟා කළ රිය අනතුර කෙතරම් අභිරහසක් වීදයත් එම මරණය පිළිබඳව බ්‍රිතාන්‍ය රාජකීයෝ පවා චෝදනා ලදහ.  


ලොවක් හැඬවූ ඩයනා ස්පෙන්සර් ගේ මරණය සිදුවී අගෝස්තු මස 31 වැනිදිනට පුරා වසර 21 කි. ඇ​ගේ සොහොන අද පුද බිමක්ය. එය නරඹන්නෝ සංචාරකයන්ට වඩා සැදැහැවතුන්ට සමානය. ඩයනා සම්බන්ධ කාරණාවලදී බහුතරය තවමත් ඇයගේ පාර්ශ්වයේය. ඇය විසින් ගන්නා ලද තීරණ සියල්ල නිවැරදි කරන්නෝ තවමත් එමටය.  


මෙලොව සුදු චරිත නැත. කළු චරිත ද නැත. මිනිසා වනාහි සුදු- කළු සම්මිශ්‍රණය වූ චරිතයෝය. මෙවන් මිනිසුන් සමග කෙරෙන ඍජු ගනුදෙනුවේදී එක් වර්ණයක් අඩු වැඩි වශයෙන් චරිතයකට ආලේප වීමට බැරි නැත. කිසියම් චරිතයක් විනිශ්චයේදී අප පරිස්සම් විය යුත්තේ මේ සියුම් චරිත වර්ණ පූර්ණ ලෙස තේරුම් ගැනීම අපට අපහසු බැවිනි. ඩයනා විත්තිකාරියද පැමිණිලිකාරියද යන්න පිළිබඳව ඇපට නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි වෙන්නේ ඒ නිසාය.  

 


අනෝමා ගම්ලත් - රෝමය ඉතාලිය   



අදහස් (0)

රජ මැදුරක සිරවූ කිරිල්ලියකගේ විලාපය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site