වසර 72ක් වූ සිංහල සිනමා වංශ කතාවේ වසර 50ක් පුරා තම නොමැකෙන සලකුණ තබා නිළි රැජින ලෙස විරුදාවලි ලත් මාලනී ෆොන්සේකාගේ නිර්මාණ අගය කිරීමේ සහ ඇයට උපහාර පිදීමේ උළෙලක් ඉතාලියේ රෝම නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික කලාකාමී රසවතුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබ ඇත.
මෙහි සංවිධාන කටයුතු කරනු ලබන්නේ රෝමයේ සුදත් රෝහණ මහතායි. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැක බලා ගැනීම සඳහා ඉහළ මට්ටමේ කලාකරුවන් ගෙන්වා ඔවුන්ගේ නිර්මණ පෙන්වීමට කටයුතු කිරීම විශිෂ්ඨත්වයකි. මෙවැනි රටක යුරෝපයේ තම රාජකාරි කටයුතු කරමින් මෙවන් සේවාවක් කිරීම සෑම කෙනකුටම කළ නොහැකි කාර්යයකි. ඒ සඳහා විශේෂ කැපවීම් රාශියක් කළ යුතු වේ. දේශගුණය, රාජකාරිය, කාල වේලාව අසාමාන්‍ය බලපෑම් ඇති කරයි. මේවා මැඩපවත්වාගෙන මෙවන් කාර්යයන් සඳහා කැපවීම අප අැගයිය යුතුය.
රෝමයේ Sala Cine Teatro E, Vigano, Piazza A. Fradeletto, 01 මෙම ස්ථානයේදී ‘‘මාලිනී ෆොන්සේකා උපහාර උළෙල’’ අද පෙබරවාරි මස 24 වැනි ඉරු දින සවස 3.00ට පැවැත්වේ.
අනෝමා ගමලත්
රෝමය ඉතාලිය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාලනී ෆොන්සේකා උපහාර උළෙල අද ඉතාලියේ රෝම නගරයේදී