IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාස්කු දිනවල චීන අභ්‍යවකාශ තොටුපොළ ඉතාලි භූමියට කඩාවැටෙන බියක්

චීනය විසින් නිෂ්පාදනය කර විවිධ පර්යේෂණයන් සඳහා අභ්‍යවකාශයේ රඳවා තිබුණු ටියන්ගොන්ග් (නීල මන්දිරය) නමින් හැඳින්වෙන අභ්‍යවකාශ තොටුපොළ පාස්කු දිනවල ඉතාලියට කඩාවැටීමේ අවදානමක් ඇති බැවින් එමීලියා රොමාඥ ප‍්‍රදේශයේ වැසියන්ට පරෙස්සම් වෙන ලෙස දන්වා ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.   


චීන නීල මන්දිරය ඉතාලි භූමියට කඩාවැටෙන නිශ්චිත තැනක් හෝ වේලාවක් එය සිදුවීමට පැය විසිහතරකට පෙර නොකිවහැකි බව ද, උක්ත නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනට නිවේදනය කර ඇත්තේ මාර්තු මස විසිඅටවැනිදා සිට අප්‍රේල් මස හතරවැනිදා අතර දිනයක චීන අභ්‍යවකාශ තොටුපොළ අදාළ ප‍්‍රදේශයට කඩාවැටෙන බව ය.   


විවිධ පර්යේෂණයන් සඳහා අභ්‍යවකාශයේ අභ්‍යවකාශගාමීන් කීපදෙනෙකු එකවර රඳවා තැබිය හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම නීල මන්දිරය, 2016 වසරේ සිට පෘතුවි පාලක මැදිරි සම්බන්ධතාවයෙන් මිදී ඇත. මේ වසරේ ජනවාරි මස මැදදී මෙම අභ්‍යවකාශ තොටුපොළ පෘතුවියට කිලෝ මීටර 270 ක් ඉහළ අභ්‍යවකාශයේ භ‍්‍රමණය වෙමින් තිබුණි. ටොන් අටහමාරක් බරැති මෙම තොටුපොළ පෘතුවි පාලනයෙන් මිදුණු තැන් පටන් කුඩා කැබලි ගිලිහෙමින් ඇති බව ද වාර්තා වේ.   


පැයට කි. මී. තුන්සියයක වේගයෙන් පෘතුවිය මතට පතිත වෙතැයි දැනට අනුමාන කරන මෙම අභ්‍යවකාශ තොටුපොළ පෘතුවිය හා ගැටීමෙන් ආවාටයක් නිර්මාණය වීමට නොහැකි බව ඉතාලි අභ්‍යවකාශ ආයතනය කියයි. අභ්‍යවකාශ ගමන් ඉතිහාසය තුළ මේ දක්වා අභ්‍යවකාශ යානා හා චන්ද්‍රිකාවලින් ගැලවී ගිය කොටස් ටොන් තිස්දහසක් පමණ විවිධ ප‍්‍රමාණයේ කැබලි ලෙස පෘතුවියට වැටී ඇතුව ද, මෙතෙක් ඒවායින් මිනිස් ජීවිත හානි සිදුවී නැත.   


පාලනයෙන් තොර නීල මන්දිරය නියමිත කෝණයට නොව හිතුවක්කාර ලෙස පෘතුවි කක්ෂයට ඇතුළුවීමේදී පුපුරා යන බැවින්, පෘතුවිය මතට කඩා වැටෙන විශාලම කැබැල්ලේ ප‍්‍රමාණය පිළිබඳව අනාවැකි කීමට නොහැකිය.   
ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් චීන නීල මන්දිරය පිළිබඳව අනතුරු අඟවා ඇති කාලය තුළ හඳුනා නොගත් වස්තුවක් අහසින් පොළොවට වැටෙනු දකීනම් එය අතින් ඇල්ලීමෙන් වළකින ලෙස ද, එම වස්තුවට මීටර් විස්සකට වඩා ළං නොවෙන ලෙස ද, එවන් වස්තුවක් දුටු විගස ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙස ද, රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.   

 

 


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය.   

 



අදහස් (0)

පාස්කු දිනවල චීන අභ්‍යවකාශ තොටුපොළ ඉතාලි භූමියට කඩාවැටෙන බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site