IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නව වසරට සෙත් පතා ශාක්‍යමුණි විහාරයේ පිංකම්

 

උදා වූ දෙදහස් දහ නවය නව වසර ලෝකවාසී සැමටම සුබ වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ උදෙසා කිරිපිඬු දානයක් පූජා කරමින් සත් බුදු බෝධි වන්දනාමය පින්කමක් ද සිදු කළහ. 


ශාක්‍යමුණි විහාරයේ දායක දායිකාවන් මහත් භක්තියෙන් කැපවීමෙන් විහාරස්ථානයේම සකස් කළ කිරිපිඬු දානය ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ට පූජා කර නව වසරට ආශිර්වාද කළහ. නව වසර උදාවීමත් සමග පැමිණ සිටි විශාල පින්වතුන් පිරිසට ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ කොටපොළ මංගල ස්වාමීන් වහන්සේ ද කිරම මහානාම ස්වාමීන් වහන්සේ ද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූල් බැඳ ආශිර්වාද කර සෙත් පැතූහ. ඒ අතර කිරි උතුරවා උදා වූ නව වසර ලෝකවාසී සැමට සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කළහ. 


 ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දුවා දරුවන් ඒකරාශී කරගෙන බුලත් හුරුලු දී මා පිය වන්දනාව සිදු කළේ මවු පිය වන්දනා ගාථා කියමින් ඉතාමත් හැඟුම්බරවය. ඒ අතරේ වැඩිහිටි උදවිය එකිනෙකාට බුලත් අතක් දී වැන්දේ පෙර චාරිත්‍රවලට ගරු කරමිනි. අද සමාජය තුළ පෙර සිට පැවත එන හෙළ සිරිත් විරිත් ඉදිරියට පවත්වාගෙන යන්නට මහා රුකුලක් වූ මා පිය වන්දනාමය පිංකම ඉතාම අගය කළ යුතුය. 


ඒ සඳහා පන්සල කදිම තෝතැන්නකි. 


විහාරස්ථානය මූලික කරගෙන මෙවන් හෙළ සිරිත් විරිත් දුවා දරුවන් මගින් පෙළ ගැස්සීම පිළිබඳව ශාක්‍යමුණි විහාරාධිපති ස්වාමීන් වහන්සේට නමස්කාර කර ගෞරවයෙන් යුතුව පින්දෙමි. 


නව වසර උදා වීමත් සමගම විහාරස්ථානයට ආශිර්වාද ලබා ගන්නට පිරිත් ඇසීමට පිරිත් නූල් බැඳ ගැනීමට ආගමික වතාවත්වල යෙදීමට බොහෝ ​බෞද්ධ පින්වතුන් පිරිසක් ඒකරාශී වී සිටියහ. ශ්‍රී ලක් බිමේ මෙන්ම කිරි බත් කැවුම් කොකිස් මුංකැවුම් ආදී රස කැවිලි රාශියකින් අලුත් අවුරුදු කෑම මේසය පිරී ඉතිරී තිබෙනු දක්නට ලැබුණි. ශ්‍රී ලාංකික සියලු දෙනාම එකිනෙකාට සුබ ප්‍රාර්ථනා කර ගනිමින් නව අවුරුද්දේ සතුට බෙදා හදා ගන්නා අයුරු දක්නට ලැබුණි. 


මේ කලාතුරකින් දැක ගන්නට ලැබෙන සුන්දර වූ අවස්ථාවකි.  


මේ එහි ඡායාරූප කිහිපයකි. 

 


ප්‍රේමා කාංකානම්ගේ 
රෝමය 
ඡායාරූප: අනුරුද්දි සහ අමීශා.  

 



අදහස් (0)

නව වසරට සෙත් පතා ශාක්‍යමුණි විහාරයේ පිංකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site