සීතට තුරුලුවෙන්න
හීනියට කවි පදයක්
මුමුණන්න ආසයි මටත්,
කඳු මුදුනෙ මීදුමෙ හිම
වැස්සෙ තෙමි තෙමි හිමිහිට
ගාටන්න ආසයි මටත්,
පිපී පරවුණ රෝස පොකුරක,
අගින් ඉතිරිවුණ මල් කැකුලක්,
සීතල හිමට තෙත්වෙලා, නෙත්,
කොනක කඳුළක් වගේ, එය
නෙළන්නට දුකයි මට.
පරිසරය සුන්දරයි, හිමත් සීතලත්
අතර, ඉඳහිට ඇසෙන කුරුලු ගී
රාවය මිහිරියි, තනිකම, පාළුව
ඇති වුණ මගෙ හදවත නිසන්සල
වෙලා, සුලු මොහොතකට,
හදවතට දැනෙන, සුමිහිරි ආදරය,
සොඳුරු නම්, මේ තරම්, එවැනි
මොහොතක, නුඹේ මගේ වුනානම්,
තවත් ලස්සන ලොවක්, ඇති බව
දැනෙනු ඇත, අපි දෙදෙනාගෙ
හදවත්වලට.
ප්‍රින්සි රණසිංහ ආරච්චි
වෙරෝනා නගරය
ඉතාලිය.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවමත් ආදරෙයි