IMG-LOGO

තරුණ පරපුරට බොම්බයි මුටයි කවන ඉතාලියේ කඩචෝරු ​ෙද්ශපාලනය

බොම්බයිමුටයි වර්ණයෙන් ලස්සනය. රසයෙන් පැණි රසය. කූරක් වටා පුම්බා දවටා ඇති දෙයක් බැවින් ඇති දෙයක් නැතිව ද, ප‍්‍රමාණයෙන් විශාල ය. එහෙත් එය බඩපිරෙන කෑමක් නොවේ. නෙත සිත බඩ රවටන කෑමක් පමණි. පොඩිඋන් රැවටීමට කදිම කෑමකි. ඉතාලි දේශපාලනය විසින් තරුණ පරම්පරාව අරබයා අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්තිය ද, පොඩිඋන්ට බොම්බයිමුටයි කවන ප‍්‍රතිපත්තියක් බව තේරුම්ගැනීම අපහසු නැත.  


ඉතාලි පුරවැසියන්ට මෙන්ම ඉතාලියේ දීර්ඝකාලීන රැඳීසිටීමේ බලපත හිමි විදේශික දරුවන්ට ද වයස අවුරුදු දහඅට සම්පූර්ණකර තාරුණ්‍යයට එළැඹීමේදී උපන්දින තෑග්ගක් ලෙස චිත‍්‍රපට නාට්‍ය කෞතුකාගාර නොමිලේ නැරඹීම සඳහා යුරෝ පන්සීයක් වටිනා වවුචරයක් ඉතාලි රජය විසින් ත්‍යාග කරනු ලබන්නේ වසර කීපයක සිට ය. මේ වසරේ සිට එම ත්‍යාග වවුචරය තමන් කැමති පොතපත මිලට ගැනීම සඳහා ද වලංගුය. සෑම වසරකම මැයි මස පළමුවැනිදා දේශපාලන පක්ෂ ලේබලයෙන් තොරව ඉතාලිය පුරා ප‍්‍රධාන නගරවල තරුණ තරුණියන් සඳහා මෙගා සංගීත සංදර්ශන පැවැත්වෙයි.   


ඉතාලියේ උපත ලද විදේශික සම්භවයක් ඇති දරුවන් වයස අවුරුදු දහඅට සම්පූර්ණ වීමට මාස කීපයක් තිබියදී ඉතාලි පුරවැසිභාවය සඳහා අයැදුම්පත ඉදිරිපත් කිරීමට නගරසභාවට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා ගෙදරටම ලිපිය තැපෑලෙන් ලැබෙයි. ක‍්‍රියාව සතුටුදායක ය. එහෙත් මේවා පොඩිඋන්ට සීනිබෝල ය. අවස්ථාවාදීව තරුණ පරපුර රැවටීමක් මිස මේ තුළින් තාරුණ්‍යයේ ඉදිරි අනාගත සුරක්ෂිතබව සහතික කෙරෙන්නේ නැත.  


ත්‍යාග වවුචර හා සංගීත සංදර්ශන වලින් බෙර ගසා දරුවන් තාරුණ්‍යට පිළිගත්තද, ඉන්පසුව තාරුණ්‍යයේ අභිවෘද්ධිය පතා රජය විසින් ගෙන ඇති හා ගනු ලබන තීරණ හා අනුගමනය කරනු ලබන ක‍්‍රියා පිළිවෙත පිළිබඳව ඉතාලි තරුණ තරුණියන් තුළ දැන් පැහැදීමක් නැත.  


ඉතාලියේ වයස අවුරුදු 15 ත් 24 ත් හතරත් අතර වෙන තරුණ පරම්පරාවෙන් සියයට හතළිහයි දශම එකක ප‍්‍රතිශතයක් රැකියා විරහිතයෝ ය. මෙම වයස් සීමාව තුළ රැකියා විරහිතවූවන් සංඛ්‍යාවෙන් ඉතාලිය යුරෝපා හවුලේ රටවල් අතර තෙවැනි ස්ථානය හිමිකර ගනී. ග‍්‍රීසියේ මෙම ප‍්‍රතිශතය සියයට හතළිස් පහයි දශම හතක (45.7‌%) වෙන අතර, එය ස්පඤ්ඤයේ සියයට හතළිස් දෙකයි දශම (42.2%) දෙකකි.  


ඉතාලියේ උපාධිධාරීන්ගේ මුළු සංඛ්‍යාවෙන් තුනෙන් එකක පිරිසකට තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියාවන් ලැබී නැත. ඔවුන් තම උපාධියට නොගැලපෙන තාවකාලික රැකියාවලින් ජීවිතය ගැටගසාගනිති. මෙම වෘත්තිකයන්ගෙන් ඉතා ඉහළ ප‍්‍රතිශතයක් ඉතාලි විශ‍්‍රාම වැටුප් අරමුදලේ ලියාපදිංචිව නැත. අධ්‍යාපනයට කිසිසේත්ම නොගැලපෙන රැකියාවන් ද, ඒවා වුවද තාවකාලික රැකියා බැවින් රැකියාවේ සුරක්ෂිතභාවයක් නැතිවීම ද, එම රැකියාවෙන් ලබන සොච්චමක වැටුප ද, අනාගතයේ සාධාරණ විශ‍්‍රාම වැටුපකට හිමිකම් නොකීමේ අවදානම ද, නැතහොත් සොච්චමක විශ‍්‍රාම වැටුපකට හිමිකම් කීම ද, ඉතාලියේ තරුණ පරපුර වර්තමානයේ පමණක් නොව අනාගතයේ ද අවිනිශ්චිත තත්ත්වයකට පත්කර ඇත.   


වැඩිදුර අධ්‍යාපනය පුස්සක් බව වටහාගන්නෝ උසස් අධ්‍යාපනයට යොමුවීමෙන් තොරව පාසල් අධ්‍යාපනය හැරදමා පෙදරේරු හා කම්කරු වෘත්තීන් හි අත්උදව්කරුවන් ලෙස හෝ වෙනත් ස්වයං රැකියාවල ආධුනිකයන් ලෙස වසර දෙක තුනක පළපුරුද්ද ලැබීමෙන් පසුව පළපුරුදු වෘත්තිකයන් ලෙස උපයන මුදල, අසීමිත පරිත්‍යාගවලින් හා අධික වියදමකින් පසුව බිහිවෙන උපාධිධාරියකුට සිහිනයක් පමණි. මෙය බුද්ධියට කරනු ලබන අවතක්සේරුවක් ලෙස නිර්වචන කරන්නේ නම් එයද වරදක් නොවේ. මෙම වාතාවරණය ඉතාලි තරුණ පරපුර උසස් අධ්‍යාපනයෙන් බැහැර කිරීමට තරම් හේතුවී ඇත. මෙය ඉතාලියේ අනාගත බුද්ධිමය ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නිර්මාණය කිරීමට තර්ජනයක් වෙනු නොඅනුමානය. රටක අනාගතය පෙදරේරුවෝ හෝ කම්කරුවෝ පමණක් නොවේ.  


දැනට පවතින ශ‍්‍රමිකයන් විශ‍්‍රාම යාමේ කාලනිර්ණය ක‍්‍රමවේදයට අනුව විශ‍්‍රාම යාමේ අනුමත වයස සෑම වසර දෙකකටම මාස දෙක බැගින් ඉදිරියට යයි. මේ අනුව 2018 වසරේදී ශ‍්‍රමිකයකු විශ‍්‍රාම යාමේ වයස ලෙස තීරණය වී ඇත්තේ වයස අවුරුදු 66 යි මාස 7 කි. 2051 වසර වන විට ශ‍්‍රමිකයකු විශ‍්‍රාම යාමේ අනුමත වයස වෙන්නේ අවුරුදු 69 යි මාස හය ය. මෙම ක‍්‍රමවේදය අනුව වයස්ගතවූවන් සේවයේ නිරතව සිටීමෙන් නිෂ්පාදන වේගය පහතවැටීම මෙන්ම, නව ශ‍්‍රමිකයන් ශ‍්‍රම හමුදාවට ඇතුළත්වීම සඳහා රැකියා පුරප්පාඩු නිර්මාණය වීම ද ප‍්‍රමාද කරවයි.   


ඉතාලියේ උපත ලද මෙන්ම විදේශයක උපත ලබා බාල වයසේ පටන්ම ඉතාලියේ නිත්‍යානුකූලව නේවාසික විදේශික දරුවන්ට ඉක්මන් ඉතාලි පුරවැසිභාවය ලබාදීම සඳහා ඉතාලි පුරවැසි පනතේ සංශෝධනයක් වෙනුවෙන් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත්තේ වසර දශකයකට වැඩි කාලයක සිටය. මෙම සංශෝධනය මහජන මන්ත‍්‍රී මණ්ඩලයෙන් සම්මත වූ වාර ගණන අනන්තය. එහෙත් සෙනෙට් සභාවේ අනුමැතියට නිතරම බාලගිරිදෝශය. අවසානයේ දී කාරණාව නිමාවට පත්වෙන්නේ ඉදිරිපත් කර ඇති පුරවැසි පනත සංශෝධනය නැවත සංශෝධනය කර මුල පටන්ම නැවත පාර්ලිමේන්තු  ක‍්‍රියාවලිය අරඹන ලෙස නියෝග කිරීමෙන් ය. මෙම තීරණ සඳහා නන්නත්තාර නිදහසට කරුණු මිස, සංශෝධනය නැවත සංශෝධනය කිරීමට හේතුවෙන කරුණු පිළිබඳව සාධාරණ වූද, පැහැදිලි වූද, විග‍්‍රහයක් කෙරෙන්නේම නැත.   


අද ඉතාලියේ තරුණ පරපුරට අවශ්‍යව ඇත්තේ තම ප‍්‍රශ්නයන්ට තාවකාලික පැලැස්තර නොව ස්ථිරසාර විසඳුම් ය. කුසගින්නට කඩචෝරු අංග සම්පූර්ණ ආහාරයක් නොවේ. කඩචෝරු වලින් ශරීරය පෝෂ්‍ය නොවේ. නැව ගිලෙද්දී ඉතාලි තරුණ පරපුරට අවශ්‍යව ඇත්තේ බෑන්චූන් සංදර්ශන නොවෙන බව ඉතාලි රජය තේරුම් ගත යුතු ය. නුසුදුස්සෝ සුපිරි වැටුප් හා සුපිරි විශ‍්‍රාම වැටුප් ලබද්දී, සුදුසුකම් ලද තරුණ පරපුරෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් රැකියා විරහිතව හෝ සුදුසු රැකියා නොලැබ වර්තමානය පමණක් නොව අනාගතය ද අවිනිශ්චිත තත්ත්වයෙන් ගතකිරීම, රජයක් විසින් නොසලකා හැරීමට හෝ විසඳුම් ප‍්‍රමාද කිරීමට තරම් යෝග්‍ය කාරණයක් නොවේ.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.   

 



අදහස් (0)

තරුණ පරපුරට බොම්බයි මුටයි කවන ඉතාලියේ කඩචෝරු ​ෙද්ශපාලනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site