IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩොලර් චිත්‍රපටවලට සිවුරුහන් සංගීතය සැපයූ සංගීත අධ්‍යක්ෂකවරයාට වයස අවුරුදු අනූවයි

 

එක්දහස් නවසිය පනහ හැට දශකවල හොළිවුඩ් හි නිෂ්පාදනය කළ ගොපළු (COW BOY) චිත්‍රපටවලට එවකට කොල්ලෝ පමණක් නොව වැඩිහිටියෝ ද වහ වැටී සිටියහ. සිංහල සිනෙමාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් ටයිටස් තොටවත්තයන් විසින් නිර්මාණය කරන ලද තෙවත නම් වූ සිනෙමා ත්‍රිත්වයට ගොපළු චිත්‍රපටයක් ද “චිත්‍රපට පිස්සා” නමින් ඇතුළත් වූයේ ද මේ නිසාය.   


මේ අතර “ස්පැගෙටි වෙස්ටර්න්” ලේබලය යටතේ අමුතුම ආරක පිස්තෝලකරුවකු ප්‍රධාන චරිතය රඟන චිත්‍රපට මාලාවක් සිනෙමාවට එක්වුණි. මේවා අපේ කොල්ලන් අතර ජනප්‍රිය වූයේ ඩොලර් චිත්‍රපට ලෙස ය. මෙහි කතානායකයා (ක්ලින්ට් ඊස්ට්වුඩ්) අමුතුය. බ්ලැන්කේට්ටුවක් හිල්කර ඔළුවෙන් රින්ගවා ගත්තාසේ වූ ඇඳුමකින් උඩුකය වසාගත් ඔහු, මුහුණ අඩක් වැසෙන සේ විශාල දාර සහිත තොප්පියක් පැළඳ සිටී. ඔහුගේ මුවේ නිතරම සුරුට්ටුවකි. වැඩි කතාබහක් නැත. මෙම පිස්තෝලකරුවා තරමටම මෙම චිත්‍රපටයේ සිවුරුහන් හඬ සහිත සංගීතය ද ලොව පුරා ජනප්‍රිය විය.   


මෙම ඩොලර් චිත්‍රපට පෙළෙහි සංගීතය අද ද එකසේ ජනප්‍රියව ඇතුව ද, මෙම සංගීත නිර්මාණකරු කවුරුන්දැයි අපේ බොහෝ දෙනෙකු දන්නේ නැත. ඔහු ඉතාලි ජාතික ඒනියෝ මොරිකෝනෙ ය. වසර හැත්තෑවකට අධික කාලයක් සංගීතකරණයේ නියැලී සිටින ඒනියෝ මොරිකෝනෙ සංගීතවත් කළ චිත්‍රපට සංඛ්‍යාව ඔහුගේම මතකයෙන් පවා ගිලිහී ගොසින් ය. ඔහු විසින් සංගීතය සැපයූ චිත්‍රපට පන්සියයකට වැඩිය. ඔස්කාර් සම්මානයෙන් දෙවරක්ම පිදුම් ලැබීය. ඔස්කාර් සම්මානය හිමිකරගත් චිත්‍රපට කීපයකම සංගීත අධ්‍යක්ෂකවරයා ද ඔහු ය.   


නොවැම්බර් මස දහවැනිදාට මෙම මහා සංගීතඥයාට වයස අවුරුදු අනූවකි. ඔහුට උපහාර පිණිස පසුගියදා මිලානෝහි සාන්ත සිසිලියා සංගීත ඇකඩමි ශ්‍රවණාගාරයේදී මහා උළෙලක් පැවැත්විණි. මෙම උළෙලට ඉතාලි ජනාධිපතිවරයා ඇතුළු සම්භාවණීය අමුත්තෝ රාශියක් සහභාගී වූහ. මෙම උළෙලේදී ඒනියෝ මොරිකෝනෙගේ සංගීත කණ්ඩ ප්‍රතිනිෂ්පාදනය කළේ ඔස්කාර් සම්මාන ලාභී (ජීවිතය ලස්සනයි චිත්‍රපටය සඳහා) තවත් ඉතාලි සංගීත අධ්‍යක්ෂකවරයකු වූ නිකෝලා පිඔවානි විසිනි. ඒනියෝ මොරිකෝනෙගේ ජීවිතය අලලා ඔස්කාර් සම්මාන ලාභී ඉතාලි සිනෙමාකරුවකු වන ගබ්රිඒලෙ සල්වතෝරෙස් විසින් නිපදවනු ලබන වාර්තා චිත්‍රපටය ද ළඟදීම නිකුත්වෙනු ඇත.   


ඩොලර් චිත්‍රපටවල ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ ඒනියෝ මොරිකෝනෙ ඡායාරූපයන්ගෙන් දැක්වේ.   


කල්ප ගුරුගේ - මිලානෝ.



අදහස් (0)

ඩොලර් චිත්‍රපටවලට සිවුරුහන් සංගීතය සැපයූ සංගීත අධ්‍යක්ෂකවරයාට වයස අවුරුදු අනූවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site