IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩුබායි ශ්‍රී ලාංකිකයෝ සංහිඳියාව වෙනුවෙන් සැමට පළමු පෙරට එති

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ජාතික හා ආගමික සංහිඳියාව වැඩිදියුණු කරනු වස් ඩුබායි හා උතුරු එමිරේටයන්හි කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මහතාගේ අදහසක් අනුව එම කොන්සල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සුවිශේෂ වැඩසටහනක් පසුගිය 11 වැනි ඉරිදා සිංහල මුස්ලිම් දෙමළ ආදී සියලු ජන කොටස්වල සහභාගීත්වයෙන් කොන්සල් ජනරාල් කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විණ. 


එහිදී ඩුබායි ලංකාරාමවාසී කැලණියේ විපුලඥාණ ස්වාමීන් වහන්සේ, රජීව් ලහෝති හින්දු පූජකතුමා, රියාස් ඉබ්නු තන්හාන් මවුලවිතුමා හා ඇන්ජලෝ පියතුමා සියලු ආගම් නියෝජනය කරමින් දේශනා පැවැත්වූ අතර මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් රිසා මොහම්මද්, දමිළ ජනතාව වෙනුවෙන් රාම් පිල්ලෙයි හා සිංහල ජනතාව වෙනුවෙන් සුනිල් චන්ද්‍රකුමාර යන මහත්වරුන් ද ඉතාමත් වටිනා හරබර දේශන ඉදිරිපත් කළහ. 
මාර්තු මස මුල් සතියේදී ලංකාවේ ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා විවිධ මතිමතාන්තර හා විවිධ පින්තූර ලෝකයා හමුවට යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිව ඇති අපකීර්තිය ලක්බිමට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් කනගාටුවකි. එ් හේතුව නිසාම එදින කොන්සල් ජෙනරාල් කාර්යාලයට රැස්වූ විවිධ ජනකොටස්වලට අයත් ශ්‍රී ලාංකිකයෝ මෙම අවාසනාවන්ත තත්ත්වය දැඩි පිළිකුලෙන් හෙළා දුටු අතර යළිත් එවන් තත්ත්වයක් ඇති නොවීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ද සාකච්ඡා කළහ. 


මව්බිමෙන් බැහැර වාසය කරමින් උපයන මුදල් මව්බිමේ ආර්ථිකය පෝෂණය කිරීමට යවන මෙම දේශහිතැති විවිධ ජනසමූහයේ එකම අදහස වූයේ චිරාත් කාලයක් තිස්සේ අප සියලු ජනකොටස් බැඳී සිටි සහෝදරත්වයෙන් තවදුරටත් සිටිමින් එකිනෙකා හා සමගි සම්පන්නව ද සහජීවනයෙන් යුතුව ද සිටීම අනිවාර්ය දෙයක් විය යුතු බවයි. 


ජනකොටස් දෙකකට අයත් කීපදෙනෙකු අතර සිදු වූ ගැටුමක් ජාතිවාදයක් දක්වා යන සුවිසල් ආරවුලක් නොවී පුද්ගලයන් වශයෙන් ගෙන එම ප‍්‍රශ්නය එතැනම නිමාවට පත් කළ යුතු බව එහිදී කියැවිණ. මෙවන් වූ සුළු ප‍්‍රශ්න නොවූයේ කවදාද යනුවෙන් ප‍්‍රශ්න කළ මෙම සංහිඳියා හිතැති ලාංකිකයන් උපුටා දැක්වූයේ අතීතයේදීත් ජනකොටස් දෙකකට අයත් දෙදෙනෙකු අතර වැට ඉන්නට, පොල් ගෙඩියකට හෝ තවත් එවැනි කුඩා ගැටලුවකට ඇති වූ ආරවුල් සියල්ලම මෙසේ ජාතිවාදී ගින්නෙන් දවාලන්නට ගියා නම් අද ශ්‍රී ලංකාව යන රටක් කොයිබද යනුවෙනි. 


තිස් වසරක ශාපලත් යුද්ධයෙන් බැට කෑ ලාංකිකයෝ එම යුද්ධය නිමා කොට ඉසිඹුවක් ලත් මේ මොහොතේ මෙතෙක් කාලයකට බෙහෙවින් සාමකාමීව විසූ සහෝදර ජනකොටස් දෙකක් මෙසේ අප‍්‍රසන්න ආරවුලක පැටලී දේපළ හානි හා ජීවිත හානි කරමින් ඇති කළ ද්‍රව්‍යමය දේපළ හානියට වඩා එම ජාතීන් අතර හිත් බිඳී, අවිශ්වාසය ඇතිවී හෙට කියන දවස ගැන ඇති වූ අනාරක්ෂිත බව මෙම ගැටුමෙන් ඇති වූ සුවිසල්ම හානිය බව එහිදී පිරිස ඇමතූ රිසා මොහම්මද් මහතා පැවසීය. සුනිල් හා මොහොමඩ් අතර ඇතිවූ, සුනිල් හා වර්ධරාජා අතර කෙදිනක හෝ ඇතිවෙන කවර හෝ ගැටුමක් ජාතිවාදී කලබලයක් කර නොගෙන පුද්ගලයන් දෙදෙනෙකුගේ ආරවුලක් ලෙස ගෙන සමථයකට පත් කිරීමෙන්, එ් සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් ලාංකික ජාතියක් ලෙස සිතා එකමුතුව කටයුතු කිරීමෙන් වර්ගවාදී ජාතිවාදී යුද ගැටුම්වලින් මව්රට ලේ විලක් වීම වැළකෙනවා සේම විවිධ හේතූන් ගෙන, ලෝකයා ශ්‍රී ලංකාවට දිගු කරන්නට මාන බලන චෝදනාවේ ඇඟිලි ලංකාව වෙත දිගු නොවෙන බව ද මෙම රැස්වීමේදී කතා කළ පූජ්‍ය පක්ෂය ද කොන්සල් ජෙනරාල්තුමා සේම විවිධ ජනකොටස් නියෝජනය කළ කථිකයන් ද පැවසූහ. 


මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු ලෝකයා අප මව් රට දෙස බලන වැරදි ඇසින් ශ්‍රී ලාංකිකයන් මුදාලීමට ද ඩුබායි දේශයේ වාසය කරමින් රටට මුදල් යවන සියලු ලාංකිකයෝ මෙහි පැවතෙන සෑම සියලු සමාජ කටයුත්තකදීම සමගි සම්පන්නව උරෙනුර ගැටී එකිනෙකාට උදව් කරමින් එකමුතු වන්නා සේ මෙම ගැටලුවේදී ද ජනකොටස් ලෙස නොබෙදී දැඩි සහෝදරත්වයෙන් වෙලී මෙම ප‍්‍රශ්නයට සුදුසු පිළියම් සොයන්නට, නිතර රැස්වෙන බව, සාකච්ඡා කරන බව ලෝකයාට විදහා දක්වමින් අනෙක් රටවල් සියල්ලට පළමු මෙසේ, සියලු ජනකොටස් කැඳවා දැනුවත් කිරීමට හා පිළියම් සෙවීමට කටයුතු කිරීම ගැන කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මහතා එහි පැමිණි සියල්ලෝම අගය කිරීමට ලක් කළහ. 


මෙහි පළකළ අදහස් අප යළි යළිත් සලකා බලමින් ජන කොටස් අතර ඇතිවෙන කුකුස් දුරුකර ගැනීමට රැස්වීම, සාකච්ඡා කිරීම, සමාජ ජාලා භාවිතයෙන් තම තමන්ගේ ප‍්‍රශ්න ඉදිරිපත් කොට විසඳුම් සෙවීම ඉතාම කාලෝචිත බව මෙම රැස්වීමට පැමිණි බොහෝ දෙනාගේ අදහස විය. තම ප‍්‍රශ්න සඟවාගෙන, රහස් බළල් අත්වලට එහි ප‍්‍රයෝජනය ගැනීමට නොදී, සෑම ජාතියකගේම ගැටලු සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීම මෙවන් වූ අවාසනාවන්ත සිද්ධි යළිත් ඇති නොවීමට හේතු වනු ඇති බව, සහභාගිවූවන්ගේ එ්කායන අදහස විය. 

 

 

 


සුරංගි අතුකෝරල 
සාජා සිට. 



අදහස් (0)

ඩුබායි ශ්‍රී ලාංකිකයෝ සංහිඳියාව වෙනුවෙන් සැමට පළමු පෙරට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site