IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


චීනා ඉතාලියට වහ වැටිලා

මේ ඉතාලියේ 2018 සංචාරක සෘතුවේ උච්චතම අවස්ථාවයි. මේ දිනවල රට පුරා සංචාරකයෝ ය. නවාතැන් සඳහා හෝටල් කාමර වෙන්කරවා ගැනීම දැන් දුෂ්කරය. මේ දිනවල ඉතාලියේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පමණක් නොව කඩසාප්පු ද, මංමාවත් ද, සංචාරකයන්ගෙන් පිරිලා ය. මේ අතර ඉතාලි ජාතිකයන් විසින් “නාරං බික් ඇස් ඇත්තෝ” නමින් හඳුන්වනු ලබන චීන සංචාරකයෝ එමට ය.   


දැනට ඉතාලියත් චීනයත් අතර සතියකට ගුවන් ගමන් හතළිස් නවයක් ක්‍රියාත්මක වෙන බව ඉතාලි ගුවන් ගමන් සම්බන්ධීකරණ ආයතනය කියයි. මෙයින් ගුවන් ගමන් විසිපහක්ම රෝමය සහ බෙයිජිං අතර ගමන් ය. මෙය පසුගිය වසරට වඩා සියයට හතරක ප්‍රතිශතයකින් ඉහළ යාමකි. 2017 වසරේදී රෝමයේ ලෙනාඩෝ ඩා වින්චි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉතාලියට   ප්‍රවේශ වූ චීන ජාතික සංචාරකයන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ පනස්දහසකි. මෙය   ප්‍රතිශතයක් ලෙස ඊට පෙර වසරට වඩා සියයට දහයක වර්ධනයක් බව ඉතාලි සංචාරක දෙපාර්තමේන්තුව කියයි.   

 

සංචාරක සෘතුවේදී ඉතාලියට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමගම, වසර කීපයක සිට ඉතාලිය හා චීනය අතර ඇතිකරගත් ආරක්ෂක කටයුතු සහයෝගීතා ගිවිසුමක් මත, චීන පොලිස් නිලධාරීන් ඉතාලි පොලීසිය සමග ඉතාලියේ සංචාරක නගරවල සේවයේ යෙදවීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. මෙම සේවාව ක්‍රියාත්මක වෙන්නේ සංචාරක සෘතුවේ පමණි.   


මේ වසරේ (2018) චීන සංචාරකයන් ඉතාලියට පැමිණීම පෙර වසරට වඩා බොහෝ සේ වැඩි බව දැනටමත් ඉතාලි සංචාරක දෙපාර්තමේන්තු වාර්තා කියයි. එහෙත් නිවැරදි සංඛ්‍යාත්මක දත්තයන් ඉදිරිපත් කිරීමට සංචාරක සෘතුව අවසන් වෙන තුරු බලා සිටිය යුතුය.   


2016 වසරේ ඉතාලිය විසින් චීනයට යවා ඇති කෘෂි නිෂ්පාදන සහ වෙනත් ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් තිස්දහසක් බව වාර්තා වෙයි. ඉතාලි වයින් වර්ගවලට සහ චීස් වැනි කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට චීන ජාතිකයෝ මහත් කැමැත්තක් දක්වන බව කියැවේ.   


රෝමය නරඹන චීන සංචාරකයෝ පිරිසක් සහ රෝම නගරයේ සේවයේ යෙදී සිටින චීන පොලිස් නිලධාරීන් ද චීන සංචාරක පිරිසක් පාප්තුමා බැහැ දකිනු ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 

 

 


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය. 
 



අදහස් (0)

චීනා ඉතාලියට වහ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site