IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොලෝසියමට සක්‍රයාගේ බැල්ම

 

රෝම අධිරාජ්‍ය පැවැති යුගයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ලෙස පැවැති කොලෝසියම (ක්‍රි.ව. 70-80) සහ එයට අයත් පෞරාණික නටබුන් සහිත අක්කර හැත්තෑ හතක වපසරිය ආරක්ෂාවට සහ මනාව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරීමට ඉතාලි සංස්කෘතික දේපොළ භාර අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ සඳහා දැනටමත් යුරෝ මිලියන හතක මුදලක් වෙන්කර ඇත. අධිතාක්ෂණයෙන් යුත් මෙම කැමරා කොලෝසියම පරිශ්‍රයට ඇතුළුවෙන කෙනෙකුන්ගේ සමීප ඡායාරූපයක් ගැනීමට තරම් ප්‍රමාණවත්ය. 


කොලෝසියම සහ ඒ අවට ඇති පැරණි නටබුන්වලට ඇතැමකු විසින් කරනු ලබන අලාභහානි වැළැක්වීම මෙම කැමරා පද්ධතිය සවිකීරීමේ අරමුණ ය. මෙම කැමරා පද්ධතිය සම්බන්ධීකරණ ප්‍රධාන මැදිරියේ පාලනය ඉතාලි ආරක්ෂක අංශ වෙත පැවරෙනු ඇත. ඕනෑම හදිසි අවස්ථාවක ආරක්ෂක අංශ මැදහත්වීමට මින් අවස්ථාව ලැබෙනු ඇත. 


ඇතැම් සංචාරකයකු විසින් කොලෝසියමේ බිත්ති මත සටහන් තැබීම සහ සිහිවටන ලෙස නටබුන් කැබලි කඩාගෙන යාම මෙම සංස්කෘතික දේපොළවලට තර්ජනයක් වී ඇත. දැඩි නීතිරීති මගින් මෙම තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කළ ද ආරක්ෂක අංශ ඇසට වැලි ගසා මෙම හානිකර ක්‍රියා නොකඩවා සිදුවෙන බව අදාළ අමාත්‍යාංශය කියයි. 


කොලෝසියම පරිශ්‍රය තුළ සංචාරකයාට හිරිහැර වෙන අන්දමින් කෙරෙන පදික වෙළෙදාම ද නිල නොලත් මාර්ගෝපදේශකයෝ ද සොරුන් ද මැඩලීමට මෙම ව්‍යාපෘතිය ආධාරවෙනු ඇත. ප්‍රදේශයේ පෞරාණික බවට බාධකයක් නොවෙන අයුරින් නගරාලංකරණ ක්‍රමවේදයක් යටතේ කොලෝසියම අවට ප්‍රදේශය උද්‍යානයක් බවට පත්කිරීමේ පිඹුරුපත් ද දැනටමත් සූදානම් ය. 


ප්‍රදේශයේ මෙතෙක් කෙරුණු පුරාවිද්‍යාත්මක කැනීම්වලදී සොයාගන්නා ලද නටබුන් කොටස්, රෝම යුගයේ කොලෝසියම තුළ මිනිස් - තිරිසන් සටන් සඳහා සතුන් මෙන්ම සටන්කරුවන් ද රඳවා තිබුණු භූගත වපසරිය තුළ නිර්මාණය කෙරෙන කෞතුකාගාරයක තැන්පත් කිරීමට ද නියමිතය. මෙම ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර නිමාකිරීමේ වගකීම අදාළ අමාත්‍යාංශය බාරගෙන ඇත. 


ගැස්කොන් ලාසරස්. 
රෝමය, ඉතාලිය.



අදහස් (0)

කොලෝසියමට සක්‍රයාගේ බැල්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site