IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උඳුවප් පොහොය නිමිති කරගෙන ශාක්‍යමුණි විහාරයේ පින්කම්

 

දෙදහස් දහඅට වසර නිමාවෙද්දී සීතල උඳුවප් මහේ උදාවුණු උඳුවප් පොහොය නිමිති කරගෙන රෝම ශාක්‍ය මුනි විහාරයේදී දෙසැම්බර් 23 වැනි ඉරුදින සවස ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් අභියස මල් පහන් ගිලන්පස පූජා කරමින් සත්බුදු වන්දනාමය පින්කමක් සිදුකළේ ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ අනුරාධපුර ශ්‍රී රතනසාර ධර්මායතනාධිපති කිරම මහානාම ස්වාමීන්වහන්සේ සහ කැලණිය පඤ්ඤාණන්ද ධර්මායතනාධිකාරි කැලණිය විද්‍යාසේකර පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කොටපොල මංගල ස්වාමීන් වහන්සේ යන ස්වාමීන්වහන්සේලා දෙනමගේ ප්‍රධානත්වයෙනි.  


මෙම උතුම් පින්කම සිදුකරන්නට රෝම ශාක්‍ය මුණි විහාරයේ ද‌ායක පින්වතුන්ගේ අරමුණ වූයේ රට ජාතිය ආගම වෙනුවෙන් සමාජීය මෙහෙවරක් සිදුකළ ගංගොඩවිල සෝම සමිඳුන්ගේ අපවත්වීමට වසර පහළොවක් පිරීම නිමිති කරගෙන උන්වහන්සේට පින්අනුමෝදන් කිරීම, ලෝකවාසී සියලු දෙනාම කම්පා කරමින් සිදුවූ සුනාමි විපතින් මියගිය අසරණ ජනතාව සිහිපත් කර පින් අනුමෝදන් කිරීම සහ අප ශාක්‍යමුණි විහාරාධිපති කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ ගුරු දේවයාණන් වූ කැලණියේ පඤ‌්ඤ‌ාණන්ද පරිවේනාධිපති බෙංගමුවේ නාලක හිමිපාණන්ගේ හැත්තෑවෙනි උපන් දිනයට සුබපතා ආශිර්වාද පූජාවක් ද ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති පූජ්‍යපාද දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ උපන් දිනය ද දෙසැම්බර් විසිහය වැනි දිනට යෙදී තිබුණු බැවින් උන්වහන්සේට ද ආශිර්වාද කර සිහිපත් කරමින් මෙම සත්බුදු වන්දනාමය පින්කම සිදුකළහ.  


 කිරම මහානාම ස්වාමීන් වහන්සේ ඉතාමත් සුමධුර වූ බෝධි පූජා වන්දනාවක් පවත්වා මෙම පින්කම බොහොම අපූරුවට සිදුකළ බව පින් දීමෙන් යුතුව සිහිපත් කරමි.  


 පුරා මාසයක පමණ කාලයක් ඉතාලියේ ඉතාමත් සීතල වැඩි කාල වකවානුවක අප ශාක්‍ය මුණි විහාරයේ වැඩ වාසය කරමින් මාසිකව පවත්වන ශීල ව්‍යාපාරයට බෝධි පූජා පිංකම්වලට අපට දහම් දැනුමින් අනුශාසනා කරමින් අප ශාක්‍ය මුණි විහාරාධිපති කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේ ජපානයේ සංඝ සමුළුවට සහභාගි වී නැවත අප විහාරස්ථානයට වැඩම කරන තුරු ස්වාමීන් වහන්සේ කෙනෙකු නැති අඩුව පුරවමින් අප වෙනුවෙන් අනුකම්පාවෙන් රෝමයේ වැඩම කර සිටි කොටපොල මංගල ස්වාමීන් වහන්සේට ද කිරඹ මහානාම ස්වාමීන් වහන්සේට ද බොහොම ගෞරවයෙන් යුතුව නමස්කාර කරමින් පින් දෙමි.  


 ජනවාරි දෙවැනි දින උන්වහන්සේලා දෙනම නැවත ශ්‍රී ලංකාව බලා වැඩම කරන බැවින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ පතමි.  


ප්‍රේමා කංකානම්ගේ  
රෝමය.   



අදහස් (0)

උඳුවප් පොහොය නිමිති කරගෙන ශාක්‍යමුණි විහාරයේ පින්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site