IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා

( තිළිණි ද සිල්වා සහ රංජන්   කටුගම්පොළ  )


මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ  ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය.
 
ඒ අනුව එදිනට පෙත්සමේ වගඋත්තරකරුවන්ට  හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට  නොතීසි දන්වා යවන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමිකාර පාර්ශවයට දැනුම් දුන්නේය.
 
මෙම රිට් පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී .දෙහිදෙණිය සහ එස් .තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි. මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන බැවින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම නොපමාව කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා  සිටී.
 
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයන් දෙදෙනා, වැඩ බලන පොලිස්පතිවරයා, මොරටුව පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
 
අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාලවල හා නිවෙස්වල ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකළ යුතු යැයි මැතිවරණ කොමිසම 18.06.20 දින නිකුත් කළ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදීත් ඒ ගැන නොතකා බොහෝ ​අපේක්ෂකයන් තැන තැන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
 
මෙවර එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන මොරටුව පිහිටි තමාගේ මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුව පොලිසිය කඩා දැමූ නමුත් ප්‍රදේශය පුරාම ඇති තවත් අපේක්ෂකයන්ගේ දැන්වීම් පුවරු තවමත් ඉවත් කර නැතැයි අධිනීතිඥ වර්ණසූරිය සිය පෙත්සමෙන් කියා සිටී.
 
එබැවින් මොරටුව  ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි
 
 ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (3)

මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා

මුණසිංහ Friday, 31 July 2020 01:10 PM

එතකොට ඔය ඉලෙක්ෂන් එක තියන්නේ ඔක්තෝබර් 5 වෙන්නැති නේද?

:       0       140

Prasad Friday, 31 July 2020 02:26 PM

පොලීසිය සහ උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වැදී ඇත.

:       0       151

Prasad Friday, 31 July 2020 02:26 PM

පොලීසිය හා උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වදී...

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
2025 පෙබරවාරි මස 10 26 0

සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.


අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
2025 පෙබරවාරි මස 10 21 0

නොවැම්බර් මස 26 දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ
2025 පෙබරවාරි මස 10 443 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පා


පුංචි ඡන්දෙ ගැන විවාදය අය වැය දා හවස
2025 පෙබරවාරි මස 10 135 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිම


පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි
2025 පෙබරවාරි මස 10 324 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන


කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි
2025 පෙබරවාරි මස 10 261 0

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 77 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 870 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site