ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 18

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. චිලි ජාතික ඇල්බර්ටිනා මාටිනස් බර්ගොස්ද එවැනි මාධ්‍යවේදිනියකි.
තිස් අට හැවිරිදි ඇල්බර්ටිනා, චිලි රූපවාහිනී නාළිකාවක් වන “මේඝාවිෂන්” හි ආලෝකකරණ සහායකවරියක් ලෙස කටයුතු කළ නිදහස් මාධ්‍යවේදිනියක් වන අතර ඇය මිය යන්නේ චිලි ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ රජයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක මාධ්‍ය ආවරණ කටයුතු සිදුකරමින් සිටියදීය. විශේෂයෙන්ම කාන්තා හිංසනයට එරෙහිව කටයුතු කළ උද්ඝෝෂකයන් වෙනුවෙන් සහාය දැක්වූ ඇය, පිනේරා රජයේ මර්දනකාරී ප්‍රතිපත්තිය පිළිකුළෙන් යුතුව හෙළා දුටු මාධ්‍ය ක්‍රියාකාරිනියකි.
එබැවින් පොලීසියේ මර්දනකාරී ප්‍රතිපත්ති මධ්‍යයේ මිය යන ඇල්බර්ටිනාට මෙතෙක් ඉටු වූ සාධාරණයක් නොමැත. මෙම ඝාතනය සිදුවූයේ ඇගේ මාධ්‍ය කටයුතු හේතුවෙන්ද?, මෙහි අපරාධකරුවන් කවරෙක්ද? යන්න පවා තවමත් නිසි විමර්ශනයකට ලක්වී නොමැත. මේ අනුව පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇල්බර්ටිනාගේ නිවස පිහිටි සැන්ටියාගෝහිදී ඇගේ මළ සිරුර හමුවූ නමුත් ඇගේ කැමරා උපකරණ සහ රූප රාමු අතුරුදහන්ව තිබීම අභිරහසක්ව තිබේ. මේ සම්බන්ධයෙන් කුකුස දනවන අනෙක් කරුණ වන්නේ මීට අදාළ ආරක්ෂක බලධාරීන් පවා තවමත් මාධ්‍ය ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇය උද්ඝෝෂණයේ දී ලබා ගත් ඡායාරූප සහ රූප රාමු යොදා ගනිමින් සිනමාපටයක් නිර්මාණය කිරීමට සැලැසුම් කර තිබූ හෙයින් කැමරා හා රූප රාමු අතුරුදන් වී ඇති බවත්, ඇය පවතින රජයට විරුද්ධව වාර්තාවක් උද්ඝෝෂකයන්ට ලබා දීමට සැලැසුම් කර තිබූ හෙයින් ඇය ඝාතනයට ලක් වූ බවත්ය.
මේ හේතුවෙන් චිලී වාසීන්ගේ වැටුප් විෂමතා, විශ්‍රාම වැටුප්, යටිතල පහසුකම්, ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් සිය කැමරාව හැසිර වූ ඇල්බර්ටිනාට මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති අතර ඒ වෙනුවට මාධ්‍ය මර්දනය පමණක් චීලි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන බව තවදුරටත් තහවුරු වී තිබේ. ඒ එම වසරේදී ඇයට පෙර මිය ගිය සෙසු මාධ්‍යවේදීන් පස්දෙනාට ද මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති බැවිනි.
මේ සම්බන්ධයෙන් ක්‍ද්කසඑසදබ ත්‍දර උදපැබ ෂබ න්‍දමරබ්කසිප :ක්‍ත්‍උෂන්* සංවිධානය පවා ඇගේ මානව හිමිකම් වෙනුවෙන් ගෝලීය සංවිධානයක් ලෙස පෙනී සිටින බව පැවසුව ද තවමත් ඒ හරහා සාක්ෂාත් කර ගත් ප්‍රතිඵලයක් නොමැත.
මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා හිංසනයට එරෙහිව අරගල කර අබිරහස් ලෙස මිය ගිය මාධ්‍යවේදිනිය