අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි.
මෙවැනි දිනයක පායන හඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින් වැඩි බව එම ආයතනය කියයි.
මෙම අවස්ථාව විස්තර කරමින් නාසා ආයතනය පවසන්නේ චන්ද්‍රයා පෘථිවියට වෙනදාට වඩා ආසන්නයෙන් ගමන් කරන බවයි.
අවුරුද්දකදී අවස්ථා කිහිපයක් චන්ද්‍රයා පෘථිවියට ලඟින් ගමන් කරන අතර හෙට දිනයේ විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මීට පෙර උදාවී ඇත්තේ 1948 වර්ෂයේදී බවත් ඔවුහු පවසති. නැවත මෙවන් අවස්ථාවක් දක්නට ලැබෙන්නේ 2034 නොවැම්බර් 25 වැනිදාය.
මෙම සංසිද්ධිය පියවි ඇසින් දැකිය හැකි අතර රාත්‍රී 7.30 ට පමණ හොඳින් නිරීක්ෂණය කළ හැකි බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
උදම් රළ ඇති වීමේ දි චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බවත් ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘතුවියට ආසන්න විම හේතුවෙන් උදම් රළ වැඩි විමේ අවදානමක් ද ඇතැයි ග්‍රහලෝකාගාරය පෙන්වා දෙයි.
එමෙන්ම එම අවස්ථාවේ දී සූර්යයා පෘථිවිය හා චන්ද්‍රයා යන ආකාශ වස්තුන් තුනම එකම රේඛාවක පිහිටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා,වලා රොදක සැගවිලා,අපේ මිවුරු පෙම් කතා,අසා සිටිනවා ----අසා සිටිනවා, (හේ)
එය පිස්සු හැදෙන සඳක් නොවේවා යනු මගේ පැතුමයි! (නි)
සුපිරි චන්ද්‍රයා පායනකොට මොන මොන පිස්සු හැදෙයිද දන්නේ නැති නිසා ප්‍රවේශමෙන් කවුරු කවුරුත් ඉන්න බලන්න. (නි)
සරා සඳට අප අමතක නොවුණා වගෙයි! දුක්පීඩා ලොවට ඇති සෞභාග්‍යයක් (නි)
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ .(අ)
එතකොට අර අපේ පාලිමේන්තුවේ ඉන්න සුදට සුදේ දිලෙන සුපිරි මැතිසඳලාට මොකද වෙන්නේ? (නි)
සඳවතියේ, දෙනෙත් යොමා බලා සිටිමි මා..... පායා පුන්සඳ අහස් කුසේ..... දිලිහි දිලිහි අප වෙත ළංවෙන සැටි..! අරුමයකි! කාන්තියකි! (නි)
බොහොම පින් අපිව මේ ගැන දැනුවත් කළාට (නි)
මේ වැහි වලා එක්ක මේ හඳ පෙනෙයිද?(හේ)
මේ වගේ වැදගත් දෙයක් ගැන ලෝකෙම කථා කරන වෙලාවේ ගොන් කථා කියන අයත් ඉන්නවානේ (බ)
‘සුපර්මූන්‘ බලන හැමකෙනෙක්ගෙන්ම 14% වැට් බද්දක් අනිවාර්යෙන්ම ගන්නවාලු (නි)
ශයිනිට අහිංසක විහිලුවක්වත් තේරුම් ගන්න බැරිවීම ගැන දුකයි.(අ)
මේ කියන ලොකු සුපිරි සද නොවැම්බර් 14 වැනි දා සෞදි අරාබියේ දී දැක්කා .,,, (ම)
මෙදින සවස හතට පමණ කුවේට් රටට මේ සුපිරි සඳ ඉතා පැහැදිලිව පෙනුණා.(රේ).
මේ සඳේම සෙවණැල්ලේ අපි හමුවුයේ - මේ සඳේම සෙවණැල්ලේ අපි වෙන්වූයේ... (නි)
අනේ සඳ...........!