වසර 4000ක් තරම් ඈත අතීතයේ පවා හිස කෙස් හා රැවුල බා ගනිමින් සිය පෙනුම ගැන සැළකිලිමත් වූ මිනිසුන් ජීවත් වූ බව රුසියාවෙන් සොයාගත් පැරණි රේසරයක් හේතුවෙන් තහවුරු වී ඇත.
රුසියාවේ නොවොසිබිරිස්ක්හි වෙන්ජිරොවෝ කලාපයේ පැරණි ජනාවාස තිබූ ස්ථානයකින් මේ රේසරය හමුවී ඇත. එතැන සංවර්ධනය වූ ලෝහ යුගයට අයත් ජනාවාස තිබූ බවට විශ්වාසයක් පැවතිය ද මෙවැනි උපකරණයක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
සයිබීරියා ජාතික පුරාවිද්‍යාඥ වියාචෙස්ල මොලොඩින්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් අදාල කැණීම් සිදුකැර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් අතීතයේ වුවද ඉතා දියුණු දැනුම් සම්භාරයකින් යුක්තව සිට ඇති බව පෙනෙනවා (නි)
අවුරුදු 4000 කට පෙරත් ලෝහ පාවිච්චි කරලා (අ)
මේ වගේ උපකරණ හම්බ උනාට අපි කොහොමද හරියටම දන්නේ රැවුල බාන්න පාවිච්චි කරපුවා කියලා. බෙලි කපන්න ගත්තු ඒවාද දන්නේ නෑ. (නදී)
රැව්ල වවන්න පටන්ගත්තේ කවුද කියලා මම නම් දන්නවා (නි)
ඒ කාලේ මිනිස්සු හරි බුද්ධිමත් (නි)
ජෝතිෂය පවා හොයාගෙන තියෙන්නෙ මීට අවුරුදු 5000කටත් කලින්නෙ. බටහිර ගැලීලියෝ 1600දී දුර දක්නය හොයාගෙන ලෝකෙ බලන්න අවුරුදු 5000කට කලින් පෙරදිග මිනිස්සු මුළු විශ්වයම හොයල ඒවායින් මිනිස්සුන්ට ඇතිවන බලපෑමත් හොයාගෙන ඉවරයි. තව මොන කවර කතාද. (ර)
කොල්ලනේ රැවුල කපාගනිල්ලා. නැත්නම් වස ලැජ්ජාව (නදී)
හොඳට කැපෙනවද දන්නේ නැහැ නේද ? (නදී)