දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී.
වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප්‍රියන්ත ඒකනායකය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි.
‘ මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
‘මෙය ඉතා ආරක්ෂාකාරී ලෙස නිපදවලා තියෙනවා. හදිසියේ හෝ විදුලි කාන්දුවක් ඇතිවුව හොත් මෙය ස්වයංක්‍රීයව ටි්රප් සුවිචයෙන් අක්‍රීය වෙනවා. උදේ සවස මෙය ප්‍රයෝජනයට ගත්තද මාසයටම වැය වන්නේ රුපියල් 100 කට ආසන්න මුදලක් පමණයි‘
‘මෙය ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකින් නිපදවා තියෙනවා. එක දිගට විනාඩි කීපයක් රත්කර දුම ඇල්ලීම සඳහාත්, දිගින් දිගටම විදුලියට සම්බන්ධ කිරීම සඳහාත්, අවශ්‍ය ප්‍රමාණයට රත්වූ පසුව ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වන ආකාරයටත් මෙය මා නිර්මාණය කර තියෙනවා‘
‘මෙය මේ වන විට වෙළෙඳපොළට ඉදිරිපත් කර තියෙනවා. ඉදිරියේදී මෙය තවත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.’’ යැයි ජනක ප්‍රියන්ත පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මාණය හොදයි නමුත් කුඩා ළමුන් සිටින නිවසකට සුදුසු නැහැ . බොහෝ රටවල හොට් ප්ලේට් , වතුරේ ගිලෙන හීටර් තහනම් කරලා තියෙනවා .ගෙවල් ඇතුලේ දුම් වර්ග අල්ලලා ගෙදරට වාසනාව ලැබෙන්නේ නැහැ .සල්ලි පුච්චන එක පමණි.(හේ)
හොඳ වැඩක්. මීට කලින් කෙනෙක් කරලා තිබුනට වෙළඳ පොළට එය නිකුත් කර නොතිබුණා වෙන්න ඇති. ඒ අනුව මොහු විසින් මෙවැන්නක් ජනතාවට ලබාදීම සතුටක්. දුම් අල්ලන්න අවශ්‍ය කෙනෙක් පමණක් මිලදී ගන්න. භාණ්ඩය විවේචනය නොකර හා පුද්ගලයා අපහසුවට ලක්නොකර. (නි)
මෙම දුම්කබල ගතහැක්කේ කොහෙන්ද? (නි)
ඉතා අගනා නිර්මාණයකි (නි)
ඉතා හොද වැඩක්, චීනාට ගැති නොවී අපට ජිවත්වෙන් පුළුවන් බව පෙන්වන්න මල්ලි . සාධාරණ මිලකට අලෙවි කරන්න , ප්‍රියන්ත ජයවේවා (බ)
චන්දන, මෙරටේ විචාර බුද්ධිය හීන උගතුන් වැඩියි. මොකක් ගැනවත් හොයා බැලිල්ලක් නැහැ. අනිත් කරුණ, මොකටද මේ දුම් කබල්? (නි)
ඹයාට ජය වෙිවා අයියේ බුදු සරණයි. (ර)
මෙතුමාට අතහිත දී මෙම උපකරණය වැඩිදියුණු කරමු. (ර)
හොඳ සොයා ගැනීමක්.(හේ)
ඉතා හොඳ නව නිපැයුමක් (නි)
නියම වැඩක් ජයවේවා දුරකථන අංකය සදහන් කරන්න (ම)
මේක සම්පූර්ණයෙන්ම අනුකරණය කළ නිර්මාණයක්. නව නිපැයුම් කරුවෙක් වන ප්‍රින්ස් චන්ද්‍රසේන විසින් 2011 වසරේ කළ නිර්මාණයකි. මෙම ලින්ක් එකේ තියෙන්නෙ ඒක. මෙවර නව නිපැයුම් තරගයේදීද ඔහු රන් සම්මාන දිනා ගත් අයෙකි. (බ)
දුම් ඇල්ලිල්ල ගැන පණ්ඩිත වාක්‍ය නොවෙයි මෙතනට යෝග්‍ය වන්නේ, මේ අපූරු නිෂ්පාදනය ගැන ධෛර්යමත් උදම් ඇනීමක් පමණයි. පණ්ඩිතයෝ දුම් අල්ලන්නත් එපා, දුම් කබල් ගෙට වැද්දගන්නත් එපා. අපොයි එ්කේ කිසි නපුරක් වැරැද්දක් නැහැ. (නි)
තව තවත් නිර්මාණ කරන්න පුළුවන් බව පේනවා. ජය වේවා! (ම)
දුම් අල්ලීමෙන් මදුරුවන් ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්, ඔවුන් මගින් බෝවෙන ලෙඩ වලට වැටක් බඳින්න පුළුවන්. (ම)
ඉතා හොදයි....ලෙඩ ළමයි , අඩුම ළමයි ඉන්න ගෙවල් වල දාන්න එපා...නිරෝගී ළමයි ඉන්න ගෙවල් වල භාවිතා කරන්න.(බ)
කාලීන අවශ්‍යතාවයක්. අපේ දේශපාලකතුමාලට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි. සුබ පැතුම්!!! (නි)
එක සුවඳ දුම් පැකට් එකක සිගරට් පැකට් 4ක ඇති විස දුම් ඇති බව කියවනවා. මිනිසුන් මදුරුවන් පළවාහරින්නත් දුම් අල්ලනවා. අපේ රටේ මිනිසුන්ට ශ්‍රද්ධාව තිබුනට සිහිබුද්ධිය නැත. (නි)
ඉතාම හොඳයි. (නි)
නව නිර්මාණ කිරීම ඉතා හොදයි. නිර්මාණ කරුට ස්තුතියි. එත්, ගෙවල් ඇතුලේ දුම් වර්ග අල්ලන එක නම් බොහෝ රෝග වලට හේතුවක් වෙන්න පුළුවන් නිසා පාවිච්චි කරන අය ඒ ගැන සිත බැලුවොත් හොදයි.(ම)
දුම් ඇල්ලීම අහිතකර වෙන්නේ විස රසායනික ඇත්නම් පමණි. එම දුමෙහි බැක්ටීරියා නාශක ගුණයක් පවතී. කෙසේ වෙතත් නව නිපැයුමට සුබ පතමි. ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට බැටරි කැබැල්ලකින් තැටිය රත් කරන ක්‍රමයක් ගැන බලන්න..
කොහෙන්ද ගන්න තියෙන්නේ....මිල කීයද?