බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයෙන් මෙතෙක් ලොව සොයාගත් පැරණිතම සහ විශාලතම සව්රොපොඩ් ඩයිනෝසරයාගේ ෆොසිලය හඳුනාගත් බව පර්යේෂකයෝ කියති.
පළමුව පිටුපස කොටස හමුවි ඇති අතර මෙහි කොඳුඇට පෙල සොයාගෙන ඇත්තේ එම ස්ථානයට පහළ කඳුබෑවුමේ විට්බයි වෙරළේ තිබිය දී ය. මෙම ෆොසිලයේ කාල නිර්ණය ගැන පරික්ෂණය කරන ලද මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් තීරණය කර ඇත්තේ මෙම ෆොසිල වසර මිලියන 176 ක් පැරණි බවයි. එනම් මධ්‍යම ජුරාසික් කාලපරිච්ඡේදයට අයත් බවයි. සඳුදා සිට මේ ෆොසිල යෝක්ෂයර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරයි.
මේ සත්ත්වයා සවුරොපෝඩා බ්රොන්ටොසර්ස් යන නමින් ද හඳුන්වන අතර පෘථිවියේ ඇවිදගිය ශාඛ අනුභවයට ගත් විශාලම ඩයිනෝසර් වර්ගය ලෙස මොවුන් හැඳින්වේ.
මෙම ඩයිනෝසරයාට දිග බෙල්ලක් සහ වලිගයක් ඇති අතර කුඩා හිසක් සමග විශාල ශරීරයක් තිබි ඇත. මෙම සතුන් පාද හතරෙන්ම ඇවිද තිබේ. ආර්ජන්ටිනෝසර්ස් නැමැති සමහර විශේෂ අඩි 115 ක් පමණ උසට වැඩුනු අතර මොවුන්ගේ බර ටොන් 80 කටත් වඩා වැඩිය.
කෞතුකාගාරය පවසන්නේ මෙම ෆොසිල ඉතාමත් දුර්ළභ සොයා ගැනීමක් බවයි. මක්නිසාද යත් මධ්‍යම ජුරාසික් කඳු ශිඛර ලෝකයේ ඇත්තේ සුළු වශයෙන් බැවිනි. ඒවා පිහිටා ඇත්තේ චීනයේ සහ ආර්ජන්ටිනාවේය. ඒ කඳු ශිඛරවල ද මේ හා සමාන සත්ත්ව ෆොසිල දැකිය හැකිය.
මහාචාර්ය පිල් මැනින් මෙම ෆොසිල අධ්‍යනය සඳහා එක්ස් කිරණ උපයෝගි කරගෙන ඇත. ඒ අනුව මෙම ෆොසිල සවුරොපොඩ් ඩයිනෝසරයාගේ බවට ස්ථිරව කිව හැකි බව මැනින් පවසයි.
මෙම ෆොසිල මගින් එක්සත් රාජධානියෙන් හමුවු පැරණිතම ෆොසිලය බවට සාක්ෂියක් වුවත් මෙම එක අස්ථියකින් එහි නව විශේෂයක් වු බවට කිමට නොහැකි බව මහාචාර්යවරයා කියයි.
පර්යේෂණ කණ්ඩායම විසින් මෙම ෆොසිලයට ඇලන් ඩයිනෝසර් ලෙස අන්වර්ථ නමක් දි ඇත්තේ එය සොයා ගත් පුද්ගලයාගේ නම හේතුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මොකක් හරි කියන්නේ නැත්නම් මෙතන පාලු වෙනවනේ... මම මොකක් හරි කිව්වොත් බලන්න පුළුවන් කට්ටිය රෙදි උස්සගෙන එන හැටි.(බ)
මැටිපහනගේ කතාවට මමත් එකඟයි. ප්‍රකෘතිය කියන්නේ අපට සොයා දැනගන්න පුළුවන් දෙයක්. නමුත් සොයා නිමකරන්න බැහැ. මොකද ප්‍රකෘතිය අනන්තයි. ඔය මිත්‍යා විශ්වාස වලට පුළුවන් හැමදාමත් ප්රකෘතියේ සොයානොගත් කොටසේ සැඟවෙන්න. එතන ඉඳගෙන තමන්ගේ පැවැත්ම රැකගන්න. (නි)
මැටිපහන ඉතින් ඔයා තමන්ව හරියට හොයාගන්න උත්සාහ කලේ නැහැ නේද? ඔයා ඇති වෙච්ච හැටි, ඔයාගේ ඔය සිතුවිලි උපදින හැටි, ඔයා කන කෑම එක වරුවකින් මනුෂ්‍ය ශරීරයක් වෙන හැටි, මම කියන්නේ හරියටම මොකක්ද, ඕව කිසි දෙයක් ඔයා හොයාගත්තේ නැතුව කොහොමද තර්ක කරන්නේ ? (නදී)
සේන,වැඩක් නැහැ. එයාට ඕවා තේරෙන්නේ නැහැ (නි)
මැටිපහන මහත්තයාගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තිබෙනවා. ඔයාගේ ඔය මහලොකු විද්‍යාඥයෝ ජීවයට දී තිබෙන අර්ථ දැක්වීම මොකක්ද? ජීවය අහඹු රසායනික ක්‍රියාවලියක් නම් ඇයි ජීව රසායන ක්‍රියාවලිය එය පවත්වාගෙන යාමට අවශ්‍ය පදාර්ථ සහ ශක්තිය අවට පරිසරයෙන් (ආහාර වශයෙන්) හොයාගන්නේ. (අනෙකුත් සියලුම රසායනික ක්‍රියාවලින් ඊට පාදකවුණ ශක්තිය හෝ පදාර්ථ අවසන් වුණාම ඒවා හොයන්න යන්නේ නැතුව නිකම්ම නැතිවෙනවා). ඇයි ජීව රසායන ක්‍රියාවලිය විතරක් නැවත ප්‍රතිරෝපණ ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ? (නි)
මැටි පහන, න්‍යායන් ඉදිරිපත් කරපු පලියට දෙයක් ඔප්පු වෙන්නේ නැහැ. අර කිව්වා වගේ මහා ලොකු දේ කරන්න කලින් තමුන්ව ගවේෂණය කරලා හිටියොත් හොදා. (ර)
පහන ලගයි, ආලෝකේ දුරයි. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි. (නදී)
ඔය හැමෝම ලිපිය හරියට කියෙව්වද ළමයිනේ? බොරුවට කාලය නාස්ති නොකර අලුත් දෙයක් හිතන්න.රට නැතිවෙන්නයි යන්නේ (නි)
මැටිපහන, ඔයා හැමදේම දන්නවයි කියලා හිතන් ඉන්න හේතුවාදියෙක් බව නම් පේනවා...(ම)
බුදුහාමුදුරුවොත් දෙවියන් ගැන කියල තියෙනවා. හැබැයි ඒ මෙවැනි හින්දු දෙවිවරු නෙමෙයි. තව්තිසාවේ යාමයේ ආදියේ සිටින සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. මේ සතුන්ට කලින් මිනිස්සු හිටියේ නැහැ කියල කොහෙවත් ඔප්පු කරලා නැහැ. (බ)
රවිගෙයි බණ්ඩාරගෙයි කතා හරි. ජීවයේ ආරම්බය අහම්බයක් කියලයි ඉස්ටිවන් හොකින් කියල තියෙන්නේ. ඒක එය ඔප්පු කරනවා විවිදාකාර න්‍යායන්ගෙන්. උනන්දුවක් තියෙනවනම් යු ටියුබ් එකේ තියෙනවා එයාගේ වීඩියෝ. අතිශයින්ම වටිනවා. ඉස්ටිවන්, කාල් සේගන් සහ අපේ ආතර් සී ක්ලාක් ගේ වීඩියෝ එකක් තියෙනවා දෙවියෝ ගැන. අපේ ආගම් වලින් නම් ඉතින් කියන්නේ ඕක හොයන්න යන්න එපා කියලනේ. අර එක සාදු කෙනෙක් විශ්වයේ අවසානය හොයන්න හදනකොට කව්වාලු ඕව හොයන්නේ නැතුව තමන්ව හොයන්න කියල. ඔය අදහස අපේ ඔලුවලට දැම්මේ බොහොම ජයග්‍රාහී තර්කයක් ලෙස අපි පොඩි කාලෙමයි. අපේ ස්වබාවික තාර්කිකත්වය යටපත් කරලා අපේ ඔලු සේදුවේ ඔය වගේ අදහස් ප්‍රොමෝට් කරලයි. එහෙම කරලා අහනවා ඇයි අපේ අය නව නිපැයුම් නව අදහස් නව නිර්මාණ කරන්නේ නැත්තේ කියල (බොහොම අතලොස්සක් ඉන්නවා අලුත් දේවල් කරන). මෙතනම පෙන්නේ නැද්ද, මොකක් හරි අලුත් අදහසක් මෝදු වේගෙන එනකොට කියනවා අපේ වහන්සේලා ඕව ඒ දවස් වලම කියල තියෙන්නේ කියල. පොඩි හරි තර්කයක් දැම්මොත් ඉතින් ඉඳල ඉවරයි. එයාල ඉදිරියට යන්නෙත් නෑ යන අයට යන්න දෙන්නෙත් නෑ. (බ)
මේවා ගැන සොයාගැනීම සතුටුයි.ජීවයේ ඇරඹුම කවදා හොයා ගැනීමට හැකිවේද මන්දා.බුදුන් දේශනා කරලා තිබෙනවා විශ්වයේ ඇරඹුම සහ පැවැත්ම ගැන (නි)
යටත් විජිත කාලේ පුරා වස්තුවක්ද.? (ර)
රවී,ඇත්ත ඇහෙනකොට තරහ යනවද? (බ)
ලොව කිසිම දෙයක් කිසි දෙවියෙක් මවල නැහැ අදත් එදත් ,සොබාවික නියමයකට හැමදෙ සිදුවෙනවා ඔබ මුලාවෙන්න එපා මේගැන සිතා (ම)
භක්ති, හැමදේටම බුද්ධාගම ගාවගන්න එපා (නි)
මම මේ රත්තරන් කතාවක් කියන්නද මැටි කතාවක් කියන්නද කියල හිතන්නේ. (හේ)
එතකොට ඔය දෙවියන්ට ලොකු සත්තු එක්ක ඉදල එපා වෙලාද අපි වගේ පොඩි සත්තු මැව්වේ?? (බ)
හානේ දෙවියෝ මැව්වා නම්, දෙවියන්ව මැව්වේ කවුද? (ම)
හානේ දෙවියෝ මිනිස්සු මවන්න කලින් ලොකු සත්තු මවලා!(හේ)
බය හිතෙනවා අනේ . (ත)