ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති.
කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ස්මිත් පවසන්නේ හළුසිගේනියාගේ හිස විකාරරූපී බවයි. මේ සතා පිටසක්වල සිටිතැයි කියන මනංකල්පිත ජීවියකු සේ පෙනේ යැයි ද ආචාර්යවරයා කියයි.
මේ සත්ත්වයා ගැන විස්තර ජාත්‍යන්තර නේචර් සඟරාවේ විස්තර කැර ඇත. එම වාර්තාව අනුව මේ සත්ත්වයාගේ අදින් වසර 100ට පමණ පෙරදී ය.
විද්‍යාඥයන් පවසන්නේ දිගින් සෙන්ටිමීටරයකටත් වඩා අඩු මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී බවයි. සිරුර එක් පැත්තකින් සිහින්ය. සිලින්ඩරාකාර සිරුර ගාම්භීර ශක්තිමත් කශේරුකා යුගල දෙකකින් ආවරණය වී තිබෙන අතර ඉතා තුනීය. නියපොතුවලින් යුතු උපාංග මගින් අනෙක් පසින් එල්ලා වැටෙයි.
ආචර්ය මාර්ටින් පවසන්නේ මේ සත්ත්වයා පිළිබඳ පළමුවරට කරණ ලද විස්තරය වැරදි බවයි.
කෙසේ වෙතත් කැනඩාවෙන් හමුවූ නව ෆොසිලය සියුම්ව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී කුඩා ඇස් යුගලක් හා ඊට යටින් අර්ධ කවාකාර කොටසක් හමුවූ බව ද පර්යේෂකයෝ කියති.
මේ ජීවියාගේ මුඛයේ වළල්ලක් ආකාරයේ දත් සහ උගුරේ සිට උදරය දක්වා දිවෙන තවත් දත් පෙළක් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. අමුතු මුඛ පිළිවෙල මගින් හළුසිජේනියා ආහාර උරාබී පසුව මේ ආහාර තම උදරයට යවා ඇතැයි විද්‍යාඥයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා නිකම් ආප්පයක් වගේ සතෙක් අැඟ පුරා කටු (බ)
අම්මෝ! පුදුම හිතෙනවා (නදී)
හරියට පරණ මාළු කට්ටක් වගෙයි (නි)
අපුරු සතෙක් නේද ? (නදී)
දැන් රටපුරාම අරුම පුදුම සත්තු! (නි)
මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී කියනවනේ (නදී)
මෙවැනි ලිපි ගෙනෙන ලංකාදීප මාගේ ස්තුතිය. (ර)
තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා (නි)
මේක පුදුම ලෝකයක්නේ (බ)
ඉස්සරහට මොනවගේ සත්තු හමුවෙයිද දන්නේ නැහැ (නි)
අම්මෝ දැක්කමත් බය හිතෙනවා.(හේ)
තව තව අමුතු අමුතු සත්තු ජාති ඇති (හේ)
පර්යේෂණ ඉදිරියටම කලොත් අතීතය තවත් දැනගන්න (අ)
අපෝ මේ කවුද (බ)
දේශපාලුවොයි මේ සතායි අතර කිසි සම්බන්ධයක් නැහැ (නි)
ඔලුව හොයාගන්න බැරි සත්තු අපේ ලංකාව පැත්තේ ඉන්නේ ඕනෑතරම් (නි)
තව ටික දවසකින් හොඳ හොඳ සත්තු ටිකක් බලා ගන්න පුලුවන් වෙයි මං හිතන්නෙ (නදී)
සොබාදහම හරි පුදුමයි. (ර)
මැයි දිනය කම්කරුවන්ගේ දිනයක්, නමුත් අපේ රටේ දිශපාලන දිනය වෙලා. (ර)
මේ මීමින්නෙක්නේ. (ර)
ඇත්තටම මේ වාගේ දෙවල් වලින් අපිට දැනුමක් ලබාදීමට කරන කටයුතු වලට ස්තුතිය පුද කරනවා (නි)
චමින්ද ස්කෝලේ යන කාලේ යාලුවෙක් කිව ගෝනි එළුවෙක් ඉන්නවා බලන්න එන්න කියල යාලුවෝ කට්ටියම ගියා බලන්න ගියාට පස්සේ යාළුවා ගෝනියක් ගෙනත් බිම එළුවා එ්කට තමයි කියන්නේ ගෝනි එළුවා කියල (බ)
මේ වගේ දේවල් පළකරන එක ගැන සතුටුයි (නි)
දවසකට කෝටි 5 අාදායම (බ)
මහා විශාල මැමත්ලාගේ ඩයිනෝසරයින්ගේ පොසිල හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. එහෙම එකේ මේ හිසකෙස් ගහක් වගේ සතෙකුගේ ඇස් දෙක තිබුනු ආකාරය පොසිලය මඟින් හොයා ගත්තා කියන කතාව විශ්වාස කරන්නත් අමාරුයි වගේ. මේකත් අර පහුගිය කාලයේ අපේ එක දේශපාලනඥයෙක් කියලා තිබුන රඹාවැවට උමං නගරයක් හදනවා කියන කතාව වගේ තමයි. (නි)
ඉස්සරහට දියවන්නාවෙනුත් අමුතු අමුතු සත්තු හම්බවෙන්න පුලුවන් (නි)
මේවගේ සත්තුටිකක් පේරාදෙණියේ ඉඳල කොළඹ එනවා. පිදුරු තණකොළ ටිකක් දුන්නාම හොඳටෝම ඇති.(රේ)
බොහොම හොඳයි
මට හිතෙන විදිහට ඉන්දික ගම්පහ මුලින්ම කියල තියෙන්නේ පාත්තයා නෙවෙයි, පත්තෑයා ගැන කියලයි. (ර)
හ්ම් ලසිත. හරියට සිංහල බැරිනම් මේවට නොලිය ඉන්න ඕන (අ)
පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඔය වගේ නේද? (බ)
මේ සතා පෙනුමෙන් මෙහෙම වුණාට කාටවත් කරදරයක් කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු සුදු ඇඳගෙන හිටියට රට කාලා මිනිසුන්ගේ ලේ උරා බොනවා (නි)
දැන් මෙහේ ඉන්න සමහර සත්තුත් මේ වගේ තමා (නි)
ලංකාවේ ඉන්න "ගෝනිඑළුවා" ත් මේ වගේ පුදුම සතෙක් . (නදී)
ගෝනි එළුවා මහ භයානක සතෙක්. තව පොඩ්ඩෙන් මිනීත් මරනවා. (නදී)
භයානකම සත්තු 225 ඉන්න තැනක් තියනවා .එයාලව මේ ඊයේ ඇරියලු පරිස්සම් වෙන්න හැම දෙනාම දැනුවත් කරන්න .කලින් මෙයාලව ගාල් කරලා හිටියේ දියවන්නාව කිට්ටුව .(අ)
පහන්, දැන් එයාලා තව වැඩිවෙලා (නි)
පහන්ගේ විස්තරය දැකලා, මම මේ හිනාව නවතාගන්න බැරුව ඉන්නේ. (නි)
දුප්පත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕන (බ)
පහන්ගේ ප්‍රතිචාර හරි නිර්මාණාත්මකයි (අ)
උදාර ඔය හරි අපි එයාලටත් පෝසත් වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ(ම)
මේ මොන පුදුම සතෙක්ද 225ක්ම හිටියා දියවන්නාව පැත්තේ (බ)
අරුම පුදුම සත්තු ටික එලියට බැහැලා වගේ.(හේ)
අමුතු සතෙක්ම තමයි.(හේ)
මේ දැනුම කුමටද? (නි)
තව එයි (බ)
තව එයි ඉස්සරහට (බ)
මම දන්නා තරමින් මේ සතා දැනට මාස 5 කට පමණ කැලණියේ හිටියා (නදී)
පාත්තයා විශාල කලාමත් ඔහොම පෙනේවි. . නමුත් එයාට කශේරුකා නැහැනේ. (නදී)
බලන ආඩම්බර කොහොමද ? (නදී)
දැක්කම කිරිකිතයි.(හේ)
මොකාටද ගෝනි එළුවා කියන්නේ ? (නදී)
ඇත්තටම මාත් කැමත්යි මේ "ගෝනි එළුවා"කියන සත්වයා ගැන යමක් දැන ගන්න. දන්නා කෙනෙක් වේ නම් කරුණා කර පහදා දෙන්න.(නදී)
මමත් මේ වගේ සතෙක් අපේ රටේ ඉන්නවා දැක්කා.(හේ)
88/89 කාලයේ ගෝනි බිල්ලෝ නම් හිටියා. යන්තම් ඔලුව වැනුවා නම් පෝලිමේ ගිය එකා ඉවරයි. (නදී)
ඉන්දික,පාත්තයා කියන්නේ කුරුල්ලෙක්නේ! (නි)
අනේ පාත්තයා කියන්නේ මොන සතාටද .මම දන්නැති නිසයි අහන්නේ..? කියල දෙන්න මහතෙක් හෝ මහත්මියක් වේනම් ඒ ගැන දන්නා ...? (බ)
අපිත් මේ දවස් වල රූපවාහිනියෙන් අමුතු සත්තු දකිනවා (නි)
පාත්තයා කියන්නේ තාරාව, හංසයා වගේ කුරුළු ගණයට අයත් සතරක්. (ම)
පුදුම සතෙක් ලංකාවෙන් හමුවුනා කිව්වා නම් පිළිගන්න තිබුන (නදී)
චන්න බුවනෙක ඔබට ඉස්තුතියි (නදී)
මේ දවස් වල පාට මාරුකරන්නත් දන්නා හොඳට ගොදුරු අල්ලන්නත් දන්නා මහා අරුම පුදුම සත්තු සෑහෙන ගණනක් ලංකාව පුරාම කැරකෙනවා. හොඳට බැලුවොත් ඔය අහිංසක සතාගේ ඇති අරුමයක් නැහැ. එහෙම නේද? (නි)
හරිම ලස්සනයි (නි)